Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජබ හීන්දෑරි උන්නාන්සේගේ සේනාංකය කතෝලික සභාව දෙකඩ කරන්න හදනවා!

  පාස්කු ප්‍රහාරය පිළිබඳව ආණ්ඩුව සාර්ථකව ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වද්දී එම ප්‍රහාරය පිළිබඳවද හිටපු නීතිපතිතුමා කළ ප්‍රකාශයක් පදනම් කරගෙන කාදි...

 


පාස්කු ප්‍රහාරය පිළිබඳව ආණ්ඩුව සාර්ථකව ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වද්දී එම ප්‍රහාරය පිළිබඳවද හිටපු නීතිපතිතුමා කළ ප්‍රකාශයක් පදනම් කරගෙන කාදිනල් හිමියන්ව ඒ ඔස්සේ කතෝලික සභාව තුළ හිර කිරීමේ කටයුත්තක් සහ කතෝලික සභාවේ පාර්ශ්ව වෙන්කිරීමේ උත්සාහයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසයි.


මෙම කුමන්ත්‍රණය පිටුපස සමගි ජන බලවේගයේ ඉන්න සුප්‍රකට, වාහනේ ගිහින් මිනිහෙක් හප්පලා, මිනිහා තුවාල කරලා, මම නෙවේ එළෙව්වේ කියලා ඩ්‍රයිවර් දාලා, ඒ ඩ්‍රයිවරුත් මරන්න කුමන්ත්‍රණය කරපු හීන්දෑරි උන්නාන්සේ කෙනකුගේ සේනාංකයක් තිබෙන බවත් එම සේනාංකය විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව මෙහෙයුම් සිදුකරන අතරම පාස්කු ප්‍රහාරය අල්ලාගෙනද, ආණ්ඩුවට මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා කීය.


ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් කරන පෞද්ගලික ප්‍රකාශ ආණ්ඩුවේ සම්පූර්ණ ගිණුමට බැර කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවද සන්ධාන ආණ්ඩුවක් ඇතුළේ විවිධ මත ප්‍රකාශ කළද ආණ්ඩුව ආරක්‍ෂා කර ගැනීමට එම මත ප්‍රකාශ කරන අය කටයුතු කරන බවද ඊට හොඳ උදාහරණය ගම්මන්පිල අමාත්‍යවරයාට පසුගිය දිනක රැගෙන ආ විශ්වාසභංගය පරාජය කිරීම බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා පැවැසුවේය.


වත්මන් ආණ්ඩුව සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාට රටේ යම් දේශපාලනමය කාරණාවක් සම්බන්ධයෙන් මත පළ කිරීමට අයිතියක් තිබෙන බවත්, කුමන මත තිබුණද ආණ්ඩුව ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් ප්‍රශ්නයක් මතු වුවහොත් රජයට සම්බන්ධ සියලු පක්‍ෂවල මන්ත්‍රිවරුන්, ඇමැතිවරුන් එක පොදියට එම ප්‍රශ්නයට මැදිහත් වන බවද ඩිලාන් පෙරේරා මහතා කීවේය.


වත්මන් ආණ්ඩු සන්ධානය තුළ කුමන මත ප්‍රකාශ කළද ආණ්ඩුව ආරක්‍ෂා කරන කාරණයක් පැමිණියහොත් වාසු, විමල්, ගම්මන්පිල යන ඇමැතිවරුන් ඊට මුහුණදීමට අපටත් වඩා හොඳින් දැනුවත් බවද ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසුවේය. ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (25දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

noizetv

No comments

Ads Place