Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස් මාර්ග බාධාකයේ දි කුඩු පැකට් ගිල්ල හමුදා සැරයන් අල්ලයි

  මොරටුව එගොඩ උයන පොලිස් මාර්ග බාධකයේ දී පොලිසියට අසුවේ යැයි බියෙන් කුඩු පැකට් හතරක් ගිල දැමීමට උත්සහ කළ බව කියන යුද හමුදා සැරයන් වරයකු අද උ...

 


මොරටුව එගොඩ උයන පොලිස් මාර්ග බාධකයේ දී පොලිසියට අසුවේ යැයි බියෙන් කුඩු පැකට් හතරක් ගිල දැමීමට උත්සහ කළ බව කියන යුද හමුදා සැරයන් වරයකු අද උදෑසන  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


නිරෝධාන සෞඛ්‍ය නීති උල්ලංඝනය වන ආකාරයට මාර්ගයේ ගමන් කරන පිරිස් පිළිබඳව සිදුකළ පරික්ෂාවේදී සැකකරු මාර්ග බාධකය පේන මානයේදී ඹහු පැමිනි ත්‍රි රෝද රථයෙන් බැස මාර්ග බාධකය මගහැරීමට උත්සහ කළ බව පොලිසිය කියයි.


එම ක්‍රියාව ගැන ඇති වු සැකය මත සැකකරු පරික්ෂා කළ  අවස්ථාවේ එක වරම කුඩු පැකට් හතර ගිල දැමීමට ගත් උත්සහය පොලිස් නිලධාරින් එක්ව වැලකු බව පොලිසිය කියයි.


අත්අඩංගුවට ගත් සැකකරු දොඩංගොඩ ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්තව මේ වන විටත් සේවය කරන නිලධාරියකු බව පොලිසිය පවසයි.

lankadeepa

No comments

Ads Place