Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබා ගත් මෙරට පිරිස එක්කෝටි විසි ලක්ෂය ඉක්මවයි

  මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේවනවිට පුද්ගලයින් එක් කෝටි විසි ලක්ෂ 88, 864 දෙනෙකුට කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ල...

 


මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේවනවිට පුද්ගලයින් එක් කෝටි විසි ලක්ෂ 88, 864 දෙනෙකුට කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. 


වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ඉන් පුද්ගලයින් පනස් හය ලක්ෂ 20,254 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ද මේවනවිට ලබාදී ඇති බවයි. 


ඒ අනුව මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් පනස් හය ලක්ෂ 20,254 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙනවා. 


මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී පමණක් මෙරටදී පුද්ගලයින් 52,417 දෙනෙකු එන්නත්කරණයට ලක් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. 


ඉන් පුද්ගලයින් 7, 766 දෙනෙකුට ලබාදී ඇත්තේ පළමු මාත්‍රාවයි. ඊයේ දිනයේදී දෙවන මාත්‍රාව ලබා ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 44,651 ක්. 


ඊයේ දිනයේදී කොරෝනා මර්දන එන්නත් ලබාගත් පුද්ගලයින්ගෙන් 977 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතත්, තවත් පුද්ගලයින් 20,959 දෙනෙකුට සයිනොෆාම් එන්නතත් ලබාදී තිබෙනවා. 


පුද්ගලයින් 192 දෙදෙනෙකුට ෆයිසර් එන්නත හා තවත් පුද්ගලයින් 30,289 දෙනෙකුට මොඩර්නා එන්නත ඊයේ දිනයේදී ලබා දුන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් පැවසුවේ. 


මේ අතර දිස්ත්‍රික්ක 19 ක පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථාන 124 කදී අද දිනයේදීත් කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි. 


අවදානම් කණ්ඩායම් සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් කඩිනමින් කොරෝනා මර්දන එන්නත ලබාගෙන ජීවත අවදානමෙන් මිදීමට කටයුතු කරන ලෙසයි වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ ඉල්ලීමක් කළේ. 


මේ අතර වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට මේ දක්වා කොරෝනා මර්දන එන්නත ලබා නොදීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නිලිකා මලවිගේ මෙලෙස අදහස් පළ කළා. 

nethnews

No comments

Ads Place