Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“තත්වය භයානකයි අත්‍යාවශ්‍ය දෙයකට හැර කොළඹට එන්න එපා’’

 කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින්නැයි කොළඹ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්...


 කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින්නැයි කොළඹ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


මේ දිනවල කොළඹ නගරයට පැමිණීම දැඩි ජීවිත අවධානමකට ලක්වීමක් බැවින් කොළඹට එන්න පෙර වරක්, දෙවරක් නොවෙයි කිහිප වරක්ම එය අත්‍යාවශ්‍යදැයි සිතා බලා හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙස ඇය ඉල්ලා සිටී.


කොළඹ නගරය පුරා කොරෝනා වයිරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වී සෑම ප්‍රදේශයකින්ම මෙන්ම ව්‍යාපාරික ස්ථානවලින්ද ආසාදිතයන් වාර්තාවන බවත් දිනකට කොරෝනා ආසාදිතයන් ඉතාමත් විශාල පිරිසක් මියයන බවත් ඇය පැවසුවාය.


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත කොරෝනා මර්දනයට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණත් රට දිනෙන් දින ඉතිහාසයේ කවදාවත් නොදැකපු නොසිතපු තරම් භයානක තත්වයකට ගමන් කරමින් ඇතැයි ද ඇය සඳහන් කළාය.


පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති නමුත් දිස්ත්‍රික්ක සහ නගර සභා බල ප්‍රදේශයේ සංචරණ සීමා නැතැයි සිතා නිවසින් බැහැරව ගමන් කිරීම නොකරන ලෙස කොළඹ දිංචිකරුවන්ගෙන් සහ කොළඹට පැමිණෙන සියලු දෙනාගනේ ඉල්ලා සිටින බව රෝසි සේනානායක මහත්මිය කීවාය.


පවතින දරුණු වසංගතය පාලනය කිරිමට නම් ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍ය බව ද ඇය පැවසුවාය.


එබැවින් කොළඹින් ලබාගැනීමට අවශ්‍ය සේවා හැකිතාක් මාරගගත ක්‍රමයට ලබාගැනීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම, හැකිතරම් නිවසේ සිට රාජකාරී කටයුතු කිරීම, ආපනශාලා, සුපිරි වෙළඳසැල් ආදියට ඇතුළුවීමේදී ඒවාගේ ඇති ඉඩ පහසුකම් හා සෞඛ්‍යාරක්‍ෂිත බව පිළිබඳ සැලකිලිමත්වීම, වැදගත් බව ද ඇය කීවාය.

lankadeepa

No comments

Ads Place