Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉෂාලිනී දැරියගේ ප්‍රකාශ සටහන් කර ගත් වෛද්‍යවරයා රටින් පනී!

 ඉෂාලිනී දැරිය තමා විසින්ම ගිනි තබා ගත්තා යැයි පැවසූ බව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන අවස්ථාවේ දී දැරිය ප්‍රකාශ කළ බවට වෛද්‍ය සටහන් දමා තිබූ ...


 ඉෂාලිනී දැරිය තමා විසින්ම ගිනි තබා ගත්තා යැයි පැවසූ බව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන අවස්ථාවේ දී දැරිය ප්‍රකාශ කළ බවට වෛද්‍ය සටහන් දමා තිබූ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (9) පොලිසියට නියෝග කළාය.


දැරිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දි ඇය සිහිබුද්ධියෙන් සිටියේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සැක හැර දැන ගැනිම සදහා මේ වෛද්‍යවරයාගේ ප්‍රකාශය වැදගත් වන බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසට පොලිසියට නියම කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ පිලිස්සි මිය ගිය දැරියගේ මරණය සම්බන්ධ සිද්ධියට අදාළ නඩුව ඊයේ (9) යළි කැදවු අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය මේ නියෝගය කළාය.


මෙහිදි නිතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා පවසා සිටියේ දැරිය 79% පිලිස්සි තිබු බවත් ඒ වනවිට දැරිය පියවි සිහියේ නොසිටි බවට වෛද්‍යවරු කිහිපදෙනෙකු සටහන් යොදා ඇති බවත් දැඩි සත්කාර ඒකකයේ සිටින අවස්ථාවේ දි එහි ගිය පොලිස්නිලධාරියා විඩියෝ කරමින් ඇයගෙන් ප්‍රකාශ ලබා ගත්තද ඒවන විටත් ඇය ගහන්න එපා , දුරකථනය ගන්න එපා යනුවෙන් ප්‍රකාශ කළ ද මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවට සදහන් කළේය.


එහෙත් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරන අවස්ථාවේ දි රන්දික නමැති වෛද්‍යවරයා සටහන් යොදා ඇත්තේ දැරිය විසින් ගිනි තබා ගත් බවට ඇය ප්‍රකාශ කළ බව පැවසු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ වෛද්‍යවරයා ප්‍රකාශ ගැනීමට උත්සාහ කළත් මේ වන විට ඔහු එංගලන්තයට ගොස් ඇති බව පැවසීය.


මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාස සහකාර පොලිස් අධිකාරි නේවිල් සිල්වා මහතා සඳහන් කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් එම වෛද්‍යවරයා සම්බන්ධ කර දෙන බවට සහතික කර ඇති බවය.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා පැවසුවේ මේ දැරිය ද්විතියිකව අපයෝජනය කිරීමට මාධ්‍ය ක්‍රියා නොකළ යුතු බවත් පොලිසියේ පිරිසක් හුදු ජනප්‍රියත්වය තකා විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරිමට පෙර මාධ්‍ය වෙත මුදා හරින බවය.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක හරහා මෙය සිදු වන බවත් මෙයින් විමර්ශනවලට බාධා ඇති වන බැවින් මෙය වසර දෙකක සිරදඩුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දුන් නියොජ්‍ය සොලිසටර් ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විමර්ශනවලට බාධා නැද්ද සාක්කි වසන්න කරන්න පුළුවන් නේ ද මෙහෙම කොහොමද විමර්ශනය කරන්නේයැයි පොලිසියෙන් ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවකු අත්අඩංගුවට ගන්න ඉන්නවා හැංගෙන්න කියන්නෙත් පොලිසය තමයි යනුවෙන් අවවාදාත්මකව පැහැදිලි කිරීමක් සිදු කළාය.


ජුනි 21 දින අධිකරණ නියෝග අනුව දේහය ගොඩගනු ලැබු බව පැවසු නියෝජ්‍ය සොලිසිටර්වරයා අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිරුරේ කොටස් විශ්ලේෂණය සිදු කරන අතර ගැඹුරු ලෙස අස්ථි සම්බන්ධ විමර්ශන කරන බව පැවසුවේය.


සිද්ධිය වු අවස්ථාවේ ඇමැති ආරක්ෂක නිලධාරියකු ගෙන්වා දැරිය රෝහල්ගත කිරීමට ක්‍රියා කර ඇති බවත් මොවුන්ට ක්ෂණිකව දැරිය රෝහල්ගත කිරිමේ අවශ්‍යතාවක් නොතිබු බව පෙන්වා දුන්නේය.


තවද පොලිස් මුලස්ථානයට අනුයුක්ත කෝවිඩ් රාජකාරියේ නිරත උසස් පොලිස් නිලධාරියකු මේ දැරියගේ දෙමව්පියන් නිවසට ගෙන්වා බලපැම් කර ඇති බවත් මොවුන් සිද්ධිය වු පසු නිවසට ගෙන්වා ඇය සිටි කාමරය පෙන්වමින් ඒ අසල තිබු භුමිතෙල් බෝතලය පෙන්වා පොලිස් නිලධාරියා පවසා ඇත්තේ මෙය වසරක් පැරණි බෝතලයක් බවත් මෙහි මුඩිය ද ඇරිය නොහැකි බවය.


මේ ප්‍රකාශ සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතු වන බව පෙන්වා දුන් දිලිප පිරිස් මහතා මේ භාණ්ඩ සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂක වාර්තා කැඳවා ඇති බව සදහන් කළේය.


දැරිය ගිනි ගෙන සාලයේ පොකුණ දක්වා එන ගමනේ දි නිවසේ කිසිදු භාණ්ඩයකට හානියක් නොවිම පුදුමයක් බව පැවසු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ එන අතරතුර පුටු සෙටි ක්ටන් කාඩ්බෝඩ් පෙට්ටි ඒ කිසිවකටවත් හානියක් නොවන ලෙස අපරාධ ස්ථානය විකෘති කර ඇති බව සඳහන් කළේය. ඇත්තටම මෙය ගිනි තියාගැන්මක් ද ? හදිසි අනතුරක් ද ? ඝාතනයක් කළාද ? යන්න අවිනිශ්චිත බව සඳහන් කළ දිලිප පිරිස් මහතා දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පැවසීය.


කෘරත්වය මිනිස් වෙළදාම හා දාසිභාවය යන චෝදනා මත සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් නිරන්තරයෙන් අඩම්තේට්ටම්වලට ලක් වු බවට මිට පෙර මේ නිවසේ සිටි මෙහෙකාරියන් ප්‍රකාශ ලබා දි ඇතැයි ද සඳහන් කළේය. දැරිය මිය යන තෙක් ඇයගේ උප්පැන්න සහතිකයක් හෝ හැඳුනුම්පතක් ලබා ගැනීමට ක්‍රියා නොකර ඇති බව පැවසු දිලිප පිරිස් මහතා එම නිවසේ සි සි ටි වි යන්ත්‍රය රජයේ රස පරික්ෂක වෙත යොමු කර වාර්තාවක් කැදවිමට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


මෙහිදි අගතියට පත් පාර්ශ්වය සැකකරුවන් වෙනුවෙන් ඇප දිමට විරුද්ධ වෙමින් පැවසුවේ සාක්කිවලට බලපැමි සිදුකිරීමට හැකියාවක් ඇති බව පෙන්වා දෙමිනි.


සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න,කාලිංග ඉන්ද්‍රතිස්ස හා අනිල් සිල්වා ඇතුළු නිතිඥ මඬුල්ලක් පෙනි සිටිමින් සඳහන් කරනු ලැබුවේ මේ දැරිය මෙහෙකාර ‍සේවයේ යෙදවිම නිතියනුකුල බවත් නඩුවක් පවත්වාගෙන යැමට අවශ්‍ය ප්‍රබල සාක්කි නොමැති බවය.


ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විදේශයන් කිහිපයක නඩු තින්දු පෙන්වා දෙමින් දැනට පවතින කෝවිඩ් තතත්වය හමුවේ සිය සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ද ඉල්ලිමක් කළේය. වසර පහකට පෙර සිදු වු දුෂණයක් සම්බන්ධයෙන් තම සේවාදායකයාට චෝදනා කිරීම ඔප්පු කිරීමට හැකියාවක් නොමැති නඩුවක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සිය සේවාදායකයා නඩුවෙන් නිදහක් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

noizetv

No comments

Ads Place