Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නීති කඩා මිල වැඩිකල ප‍්‍රධාන යතුරු පැදි සමාගමකට නඩු.. දඩ ගෙවන්න නියෝග..

  2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව භාණ්ඩයක එක් අවස්ථාවක මිල ලකුණු කිරීමෙන් පසු එම මිල යළි වෙනස් කළ නොහැක. එනම් මිල ...


 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව භාණ්ඩයක එක් අවස්ථාවක මිල ලකුණු කිරීමෙන් පසු එම මිල යළි වෙනස් කළ නොහැක. එනම් මිල වැඩි වුවද සටහන් කර ඇති මිලටම පැරණි භාණ්ඩ තොග පාරිභෝගිකයාට අලෙවි කළ යුතුය.

මෙම නීති රීති උල්ලංඝනය කරමින් ලංකාවේ යතුරු පැදි අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගමක් යතුරු පැදි අමතර කොටස්වල, මීට පෙර සටහන් කර ඇති මිල වෙනස් කර අධික ලාභ ඉපයීම සඳහා පැරණි තොග වලද ඉහළ මිල ගණන් යොදා අලෙවි කර ඇත.

මේ පිළිබඳව ක්‍රියාත්මක වූ පුත්තලම පාරිභෝගික අධිකාරිය වැටලීමක් සිදු කොට පුත්තලම, සමාගමට එරෙහිව අගෝස්තු මස 03 වන දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර එහිදී සමාගමට දඩ මුදලක් නියම වී ඇත.

මෙම මිල වෙනස් කිරීම් පිළිබඳව අලවි නියෝජිතයන් කිහිප දෙනෙකුටද පුත්තලම සහ ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට නියමිතව ද ඇත.

මෙලෙස පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කරනු ලබන සටහන් මිල වෙනස් කිරීම් සම්බන්ධව දිස්ත්‍රික්කය පුරා තවදුරටත් වැටලීම් ක්‍රියාත්මක කරන බව පුත්තලම පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place