Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට වහනවාද තීරණය අද කොවිඩ් කමිටුව උදේ රැස්වෙයි

  රටේ පවතින ‘කොවිඞ්’ අධි වසංගත තත්ත්වය හමුවේ රට වසා දමන්නේ ද, නැද්ද සහ එසේ නැතහොත් ඉදිරියේදී කරනුයේ කුමක්ද යන්න අද (13 වැනිදා* පැවැත්වෙන කොර...

 


රටේ පවතින ‘කොවිඞ්’ අධි වසංගත තත්ත්වය හමුවේ රට වසා දමන්නේ ද, නැද්ද සහ එසේ නැතහොත් ඉදිරියේදී කරනුයේ කුමක්ද යන්න අද (13 වැනිදා* පැවැත්වෙන කොරෝනා මර්දන කාර්ය සාධක බළකා කමිටු රැස්වීමේ දී තීරණය කිරීමට නියමිතව තිබේ.



 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කොරෝනා මර්දන කාර්ය සාධක බළකා රැුස්වීම පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


 රටේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් හා රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේගේ සහභාගිත්වය ඇතිව ඊයේ (12 වැනිදා* ද විශේෂ සාකච්ඡුාවක් පැවැත්වී ඇත.


 ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර ව්‍යාප්තිය සමග දිනෙන් දින සිදුවන කොරෝනා මරණ ප‍්‍රමාණය ඉහළ යෑම සහ සෞඛ්‍ය අංශ අවදානමකට ඇද වැටී තිබීම හමුවේ බරපතළ තත්ත්වයක් ඇති විය හැකි බව සඳහන් කරමින් සෞඛ්‍ය විශේෂඥයෝ ද දින කිහිපයක සිට රජයෙන් ඉල්ලීම් කරති.


 ඉදිරි දෙසතියේ දී ඩෙල්ටා ප‍්‍රභේදයෙන් දරුණු බලපෑමක් එල්ල විය හැකි බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ද සඳහන් කර සිටී.


 ඩෙල්ටා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර ව්‍යාප්තිය හමුවේ මේ වන විට පැයක් තුළ ආසාදිතයන් පස්දෙනකු මිය යන තත්ත්වයක් ඇති වී තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


 ඒ අනුව රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් විනාඩි 12 ක කාලයකදී එක පුද්ගලයකු මරණයට පත්වන සම්භාවිතාවක් ඇති වී තිබේ.


 ශීඝ‍්‍ර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට කොළඹ නාගරික ප‍්‍රදේශයේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ ක‍්‍රියාවලිය ද යම් බිඳ වැටීමකට ලක් වී තිබෙන බව ඊයේ වාර්තා විය.


 ආසාදිතයකුගේ සමීප ආශ‍්‍රිතයකු වූ කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පුද්ගලයකු වූ තමන්ට රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් සිය හිතවතකු ලවා ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමේ දී පීසීආර් පරීක්ෂණවලට වඩා එන්නත්කරණ වැඩපිළිවෙළට ප‍්‍රමුඛතාව දී ඇති බැවින් පෞද්ගලික අංශයෙන් අදාළ පරීක්ෂණය කරගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.


 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කරන දිනයක් හෝ වේලාවක් නිශ්චිතව සඳහන් කළ නොහැකි බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එහිදී දැනුම් දී ඇත.


 මේ සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කර සිටියේ එවැනි තත්ත්වයක් ඇති වී නොමැති බවය.


 කොළඹ නගරයේ ඊයේ දිනයේ ද පීසීආර් පරීක්ෂණ හයසීයක් සිදු කළ බව ද සඳහන් කළ ඒ මහතා රෝග ලක්ෂණ පෙන්වන යම් අයෙකු වෙත්නම් කොළඹ ජාතික රෝහලට යෑමෙන් පරීක්ෂණ සිදුකරගෙන ප‍්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව තිබෙන බව ද පැවසීය.

No comments

Ads Place