Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මැද ටෝකියෝ ඔලිම්පික් නිමාවට – රන් සටනින් මෙවරත් අමෙරිකාව දිනයි!

  කොරෝනා අභියෝගය මැද ආරම්භ වූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල අද නිමාවට පත් වුණා. මෙවරත් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ අමෙරිකාවයි. ඔවුන් රන් පදක්...

 


කොරෝනා අභියෝගය මැද ආරම්භ වූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල අද නිමාවට පත් වුණා. මෙවරත් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ අමෙරිකාවයි. ඔවුන් රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් දිනා ගැනීමට සමත් වුණා.


අමෙරිකාව අවසන් වරට පැවති ඔලිම්පික් උළෙල තුනේදී පදක්කම් සටහනේ ප්‍රථමයා බවට පත්ව තිබෙනවා. ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී පදක්කම් සටහනේ පළමුවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේද අමෙරිකාවයි.


මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙදී පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය සඳහා චීනය සහ අමෙරිකාව අතර කරට කර සටනක් පැවතියා. මෙවර අමෙරිකාව පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ එක් රන් පදක්කමකින් චීනය අභිබවමින්.


චීනය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 18ක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමි කර ගත්තා. සත්කාරක ජපානය රන් පදක්කම් 27ක් දිනා ගනිමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. මහා බි්‍රතාන්‍ය රන් පදක්කම් 22ක් දනා ගනිමින් සව් ස්ථානයේ දින ගත්තා.


අසල්වැසි ඉන්දියාව පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඊයේ දිනා ගත් රන් පදක්කම සමග මෙවර පදක්කම් සටහනේ 48වන ස්ථානය දිනා ගත්තා. ඒ, රන් පදක්කමක්, රීදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා දිනා ගනිමින්. මෙය සැලකෙන්නේ ඉන්දියාව ඔලිම්පික් ඉතිහාසයේ දැක්වූ ඉහලම දක්ෂතාව ලෙසයි.


මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගී වූණා. කෙසේවෙතත් ඔවුන්ට කැපීපෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකි වු අතර සියලු දෙනා පළමු වටයෙන්ම ඉවත් වුණා.


දින 17ක් පුරා ලෝකයේම අවධානය දිනා ගත් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රටවල් 93ක්ම කුමන හෝ පදක්කමක් හිමි කර ගැනීම කැපී පෙනුනා. ඔලිම්පික් ක්‍රිඩා උළෙලක වැඩිම රටවල් සංඛ්‍යාවක් පදක්කම් දිනා ගත් පළමු අවස්ථාව ලෙසයි මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතිහාස ගත වුණේ. මීට පෙර 2008 බෙයිජින් ඔලිම්පික් ක්‍රිඩා උළේලේදී රටවල් 87ක් පදක්කම් දිනා තිබුණා.


මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සැලකෙන්නේ ඉතිහාසයේ සංවිධානය කෙරුණු අසීරුතම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෙසයි. ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබු ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙම වසරට කල් දැමුණා. මීලග ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2024 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතයි.

noizetv

No comments

Ads Place