Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇෆ්ගනිස්ථාන යුද්ධය වෙනුවෙන් අමෙරිකාවට වියදම් වූ මුදල

2001 වසරේ සිට ඇෆ්ගන් යුද්ධය වෙනුවෙන් අමෙරිකාව ඩොලර් ට්‍රිලියන 2.26 ක් වියදම් කර ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ, බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ යුධ ...


2001 වසරේ සිට ඇෆ්ගන් යුද්ධය වෙනුවෙන් අමෙරිකාව ඩොලර් ට්‍රිලියන 2.26 ක් වියදම් කර ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ, බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ යුධ පිරිවැය පිළිබඳ ව්‍යාපෘතියක ගණනය කිරීම්වලදීයි.


අමෙරිකාව මැදිහත්වූ දීර්ඝතම යුද්ධය මෙන්ම අවුල් සහගත සහ අවමන් සහගත අවසානයක් අත්කරගත් යුද්ධයක් ලෙසටයි විදෙස් මාධය ඇෆ්ගන් යුද්ධය හදුන්වා දී ඇත්තේ. එම යුද්ධය සදහා වැය වූ මුදලෙන් අඩක් පමණ අමෙරිකානු ආරක්ෂන දෙපාර්තමේන්තුව සදහා වූ විදේශීය හදිසි මෙහෙයුම් අයවැයෙන් වැය කර ඇති බව එම වාර්තාව අනාවරණය කර තිබෙනවා. 


මේ අතර අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට ගනු ලැබූ තීරණය කාලෝචිත සහ නිවැරදි තීරණයක් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය පිළිබද අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ත්‍රස්තවාදයට එරෙහි පියවරක් ලෙස පමණක් බවයි.


ඇෆ්ගයනිස්තානය තුළ රාජ්‍ය පාළනයක් පිහිටුවීම අමෙරිකාවේ අරමුණක් නොවූ බවයි ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත්තේ. නොසිතූ තරම් කෙටි කාලයකදී ඇෆ්ගනිස්තානයේ බලය තලෙයිබාන් ත්‍රස්තයින් අතට පත්වීමේ වගකීම පැවති ඇෆ්ගන් පාලනය විසින් භාරගත යුතු බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

nethnews

No comments

Ads Place