Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන් ගැන බන්ධනාගාරයෙන්ද විශේෂ පරීක්ෂණයක්

 හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාරය තුළදී එහි වෛද්‍යවරයෙකුට තර්ජනය කර අපහාසාත්මකව බැන බැඳීමේ සිද්ධියක් ...


 හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාරය තුළදී එහි වෛද්‍යවරයෙකුට තර්ජනය කර අපහාසාත්මකව බැන බැඳීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් ඡන්දයක නායක මහතා පවසයි.


සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ මෙම විශේෂ පරීක්ෂණය ආරම්භ කර ඇති බව ද චන්දන ඒකනායක මහතා සදහන් කළේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට සහ බොරැල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත .

lankadeepa

No comments

Ads Place