Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

’’ රට වැසියයුත්තේ විද්‍යාත්මකවයි’’

  නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමේ නිසි ප්‍රයෝජනය ගන්නට නම් එය විද්‍යාත්මක රට වැසීමක් බවට පත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රු...

 


නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමේ නිසි ප්‍රයෝජනය ගන්නට නම් එය විද්‍යාත්මක රට වැසීමක් බවට පත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (27) ප්‍රකාශ කළේ ය.


රට විවෘත කර තිබියදී මෙන්ම ජනතාව මහා මාර්ගයට පැමිණෙන්නේ නම් එය සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන ලොක්ඩවුන් කිරීමක් නොවන බව කී විජයවර්ධන මහතා වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් හැකිතාක් ජනතාව නිවෙස්වල රඳවා තැබීම අවශ්‍යයෙන්ම කළ යුතු බව ද කීවේ ය.


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද විද්‍යාත්මක රට වැසීමක් ඉල්ලා සිටි බවත්, කඩා වැටෙන ආර්ථිකය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග යෝජනා කළ බවත් විජයවර්ධන මහතා සඳහන් කළේ ය.


සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරතුර මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

lankadeepa

No comments

Ads Place