Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහේෂ් ජයසිංහගේ පදක්කම් බලාපොරොත්තුව බොඳවෙයි

 ජපානයේ ටෝකියෝ නුවර කි‍්‍රයත්මක 2020 පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ඔරු පැදීමේ ඉසව්වේ ‘බී අවසන්’ තරග වටය නියෝජනය කරමින් ශී‍්‍ර ලංකා කී‍්‍රඩක ...


 ජපානයේ ටෝකියෝ නුවර කි‍්‍රයත්මක 2020 පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ඔරු පැදීමේ ඉසව්වේ ‘බී අවසන්’ තරග වටය නියෝජනය කරමින් ශී‍්‍ර ලංකා කී‍්‍රඩක මහේෂ් ජයසිංහ ඊයේ (29 වැනිදා) උදෑසන තරග බිමට පිවිසියේය. ඒ අනුව එහිදී පී.ආර්. 1 කාණ්ඩයේ පිරිමි ඒකල කාණ්ඩය යටතේ තරග වැදුණු මහේෂ් එහි හය වැනි ස්ථානයට පත්වෙමින් තරගය නිමා කිරීමට සමත්විය.


මහේෂ් ජයකොඩිට එම ඉසව්වේදී තරගය නිමා කිරීම සඳහා මින්ත්තු 13.12.33ක කාලයක් ගත වූ අතර එය අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරම් සෑහීමකට පත්විය නොහැකි විය. කෙසේ වෙතත් මෙම කාලය මූලික වටයේදී සහ Repechage වටයේදී මහේෂ් වාර්තා කාලයටත් වඩා වැඩි කාලයක් වූ අතර තරගාවලිය පුරා ඔහුගේ පෞද්ගලික හොඳම කාලය වාර්තා කිරීමට හෝ මහේෂ් අපොහොසත් විය. මහේෂ් ජයකොඩිගේ පෞද්ගලික හොඳම කාලය මිනිත්තු 10.30.00ක් ලෙසින් සටහන් වේ.


ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් පැරාලිම්පික් තරගාවලියට සහභාගි වූ පළමු ඔරු පැදීමේ කී‍්‍රඩකයා බවට පත්වූ මහේෂ් පසුගිය 27 වැනිදා පැවැති මූලික වටයේදී හය වැනි ස්ථානයට පත්විය. ඒ අනුව අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා නැවත වරක් Repechage තරග වටයට සහභාගි වූ මහේෂ් එහිදී පස්වැනි ස්ථානයට පත්විය. ඒ  අනුව එහිදීද අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට අසමත් වීම හේතුවෙන් ඊයේ දිනයේදී මහේෂ් ජයකොඩි ‘බී අවසන්’ වටය නියෝජනය කරමින් තරග බිමට පිවිසියේය.

devaina

No comments

Ads Place