Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුපිරි යෝට් යාත්‍රා නිෂ්පාදන සමාගමක් හම්බන්තොට වරායේ ආයෝජනය කිරීමට ගිවිසුම් ගත වෙයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය භුමියේ යෝට් යාත්‍රා ඉදිකිරීමේ අංගනයක් ඉදිකිරිම සඳහා Sea Horse Yachts (Pvt) Ltd සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමා...


හම්බන්තොට ජාත්‍යන්තර වරාය භුමියේ යෝට් යාත්‍රා ඉදිකිරීමේ අංගනයක් ඉදිකිරිම සඳහා Sea Horse Yachts (Pvt) Ltd සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සමග ගිවිසුමකට එළඹී තිබෙනවා.


Sea Horse Yachts (Pvt) Ltd  සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක Johnson Liu සහ එහි සභාපති අලී හුසේන් දිදී විසින් මෙම ගිවිසුම අත්සන් කිරීම සිදුකළ බවයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරන්නේ.


මෙම ව්‍යාපෘතියේ මුලික ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 58ක්  (රුපියල් බිලියන 11.5ක්) වන අතර එහි වැඩකටයුතු 2022 වසරේ පළමු කාර්තුවේදී ඇරඹීමට නියමිතව ඇත.


මෙම ව්‍යාපෘතිය තුලින් සෘජු රැකියා 200ක් උත්පාදනය කරනු ලබන අතර වක්‍ර රැකියා 300 බිහිවෙන බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර සිටියේ.


Sea Horse Yachts සමාගම අධි සුඛෝපභෝගී යෝට් යාත්‍රා නිෂ්පාදන සමාගමක් වන අතර එය ශ්‍රී ලාංකික විශේෂඥයින් මෙන්ම බ්‍රිතාන්‍යය,යුරෝපීය සහ දකුණු අප්‍රිකානු නිර්මාණශිල්පීන්ගෙන් සැදුම්ලත් පිරිසගෙන් යුක්ත වනවා.

nethnews

No comments

Ads Place