Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පූර්ණකාලීන අධ්‍යාපන ගුවන්විදුලි නාලිකාවක් සඳුදා සිට!

  එළඹෙන සඳුදා (16) සිට විෂන් එ‍ෆ්. එම්. නමින් අධ්‍යාපනික ගුවන් විදුලි නාලිකාවක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 102.1 සහ 102.3 යන ගුවන් විද...

 


එළඹෙන සඳුදා (16) සිට විෂන් එ‍ෆ්. එම්. නමින් අධ්‍යාපනික ගුවන් විදුලි නාලිකාවක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 102.1 සහ 102.3 යන ගුවන් විදුලි තරංග මලා ඔස්සේ විකාශනය කරන බව ජන මාධ්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති සකාච්ඡාවකදී පැවසීය.


සෑම දිනකම පෙරවරු 04.00 සිට රාත්‍රි 12.00 දක්වා පැය විස්සක් පුරා මේ අධ්‍යාපන නාලිකාව විකාශය වන බවත් 65%ක් විෂය මූලික ඉගැන්වීම් සඳහාද 35%ක් විෂය මූලික නොවන ඉගැන්වීම් කරන බවත් එහිදී පැවසූ ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරි සතිය තුළ අධ්‍යාපනික නාලිකා හයක් පියෝ ටී. වී. ඔස්සේද ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.


එසේම තවත් අධ්‍යාපන නාලිකා 20ක් ඉදිරියේදී ආරම්භ කිරීම‍ට නියමිත අතර, එහි මුල් පියවර ලෙස නාලිකා 6ක් ආරම්භ කරන බවත් ටෙලිකොම් ආවරණ නැති ප්‍රදේශ කෙරෙහි සැටලයිට් තාක්ෂණය යොදා ගැනීමට විශේෂ අවදානය යොමුව ඇති බවත් එහිදී ඇමැතිවරයා පැවසීය.


එම අවස්ථාවට අධ්‍යාපන ඇමැති ජී. එල්. පීරිස්, රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත සහ සීතා අරඹේපොළ මහත්ම මහත්මීහු සහභාගි වූහ.

noizetv

No comments

Ads Place