Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටින් පළා ගිය ඇෆ්ගන් ජනපති අරාබියෙන් මතුවෙයි

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෆ් ඝානි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකවරණය ලබා ඇතැයි අද තහවුරු කෙරුණා. කාබුල් අගනුවර තලේබාන් සංවිධානය අත්පත් කර ...


ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෆ් ඝානි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකවරණය ලබා ඇතැයි අද තහවුරු කෙරුණා. කාබුල් අගනුවර තලේබාන් සංවිධානය අත්පත් කර ගැනීමත් සමඟ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා  රටින් පළා ගියා. එහෙත් ඔහු පළා ගියේ කුමන රටට දැයි මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වුයේ නැහැ. එවන් පසුබිමක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මානුෂීය හේතූන් මත ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෆ් ඝානි සහ ඔහුගේ පවුලේ අය සිය රට විසින් පිළිගනු ලැබි බවයි.


මේ අතරතුර ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෆ් ඝානි ඉකුත් බදාදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් තමන් රටින් පලා ගිය බව ප්‍රතික්ෂේප කළ ඔහු, තමා ”විශාල ව්‍යසනයක්” වැළැක්වීම සඳහා පිටත්ව ගිය බව අවධාරණය කළා.  තමා යළි ඇෆ්ගනිස්ථානයට යාමට සාකච්ඡා කරමින් සිටින බවයි ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා සඳහන් කළේ. තමන් විශාල මුදල් ප්‍රමාණයක් රැගෙන පළා ගිය බවට පැතිර යන කටකතා ”පදනම් විරහිත” සහ ”අසත්‍ය” බව ද ඔහු පැවසුවා. 


72 හැවිරිදි ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෆ් ඝානි රට හැර යාම සම්බන්ධයෙන් සෙසු ඇෆ්ගනිස්ථාන දේශපාලනඥයින් දැඩි විවේචනයට ලක් කර ඇති අතර ඔහු විසින් අමෙරිකානු ඩොලර් මිලියන 169 ක පමණ මුදලක් රැගෙන ගොස් ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

nethnews

No comments

Ads Place