Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ පොළොවේ යථාර්ථය ආණ්ඩුවට වහන්න බැහැ… කොච්චර උද්දච්ච වුණත් ජාත්‍යන්තර අරමුදලට යන්න වෙනවා

 අපේ රට නිදහසෙන් පසුව මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදයට මේ මොහොතේ රට මුහුණ දෙන බව සමගි ජන බලවේගයේ  භාණ්ඩාගාරික කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්...


 අපේ රට නිදහසෙන් පසුව මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදයට මේ මොහොතේ රට මුහුණ දෙන බව සමගි ජන බලවේගයේ  භාණ්ඩාගාරික කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.


 විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19 දා* පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.


 අද වනවිට ඩොලරයේ අගය සීඝ‍්‍රයෙන් ඉහළ ගිහිල්ලා. මේ මොහොත වන විට කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ අගය 211, ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවේ ඩොලරයේ අගය මේ මොහොත වෙන විට 214.50යි, එච් එස් බී සී බැංකුවේ 217.27යි. මෙම මිලටත් අද වන විට හැමෝටම ඩොලර් ගන්න තැනක් නැහැ. නිල නොවන වෙළෙඳ පොළේ 235යි 240ක මුදලට ඩොලරය තිබෙන්නේ. මහ බැංකුව ඩොලරය ගන්නේ 198 යි විකුණනනේ 202යි. එම ගණන්වලට කොහේවත් ඩොලර් නැහැ.


 හාල් කිලොවක් 98 යි කියලා ගැසට් එකක් ගැහුවා හැබැයි කොහේවත් හාල් ඒ මිලට නැහැ. සැමන්වලට මිලක් දාලා ගැසට් එකක් ගැහුවට ඒ මිලට සැමන් කොහේවත් නැහැ ගෑස්වලට මිලක් දැම්මට ඒ මිලට ගෑස් කොහේවත් ගන්න නැහැ. අවසානයේ මහ බැංකුව කියනවා ඩොලරයක් 202යි කියලා හැබැයි 202ට ඩොලර් එකක් ගන්න කොහේවත් නැහැ. අපේ රට නිදහසෙන් පසුව මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදයක මේ මොහොතේ මුහුණ දෙනවා. අපට විශාල මුදලක් ඇමරිකානු ඩොලර්වලින් ගත්ත ණය ගෙවන්න තිබෙනවා. එය කෙටි කාලයක් තුළ ගෙවිය යුතුයි. මේ බව මා විසින් දිගින් දිගටම ප‍්‍රකාශ කරා.


 නමුත් මහ පොළොවේ යථාර්ථය ආණ්ඩුව කුමක් හෝ ක‍්‍රමයකින් වහන්න යනවා නම් 99.9% මේ රටේ මිනිස්සු කල්පනා කරයි මොකද දෙයියනේ මේ උනේ කියලා. එහෙම හිතන්න අවශ්‍ය නැහැ. මේ වෙන ටික තමයි මා විසින් දිගින් දිගටම කිව්වේ. ආර්ථිකය අහසින් කඩා වැටුනා වගේ එක පාරට කඩා වැටෙන්නෙ නැහැ. යම්කිසි අවදානමක් එක්ක රට ගමන් කරනවා. නමුත් නිසි තීන්දු ගත්තේ නැහැ. එම නිසා මේ වනවිට විශාල කඩාවැටීමක් සිදුවෙනවා.


 අද මහ බැංකුව විසින් පොලී අනුපාතය ඉහළ දැම්මා. එය අපේ රටේ ප‍්‍රතිපත්ති පොලියයි තැන්පතු පොළිය සහ ණය පොලිය එය 0.5% ඉහළ දමලා. මෙයට ප‍්‍රකාරව බැංකු විසින් පොලී අනුපාතය ඉහළ දමනවා. ඒ වගේම ව්‍යවස්ථාපිත සංචිතයත් අනුපාතයක් තිබෙනවා. ඒකත් වැඩි කරලා මේ උත්සාහ කරන්නේ වෙළෙඳ පොළේ තිබෙන ද්‍රවශීලතාවය අඩු කිරීමටයි. අද වන විට මුදල් අච්චු ගහපු බව හැම තැනකම කතා වෙනවා. නමුත් මුදල් අච්චු ගැසීමෙන් රටට වෙච්ච සෙතක් නැහැ. තැන්පත් පොලී අනුපාත අඩු නිසා මහබැංකු ඉදිරිපත් කරන මහා භාණ්ඩාගාර බිල්පත්වලට ලංසු ලැබෙන්නේ නැහැ. එම නිසා අච්චු ගහපු මුදල් මහ බැංකුව විසින් ලබාගෙන වෙළෙඳ පොළට එවනවා. පසුගියදා ඇමතිවරයකු කිව්වා මුදල් අච්චු ගැසීමයි උද්ධමනය අතර සම්බන්ධයක් නැහැ කියල. නමුත් අපි ඉගෙන ගත්ත ආර්ථිකයේ තිබෙන්නේ මුදල් අච්චු ගැසීම උද්ධමනයක් ඇති වන බවයි. මහ බැංකුවත් කියනවා උද්ධමනය ඉහළ ගිහින් කියලා. එහිදී ආහාර උද්ධමනයක් 11% කින් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම ගමේ නගරයේ ඕනෑම කෙනෙක් දන්නවා ආහාර මිල ඉහළ ගිහින් කියලා. ඒ වගේම 2022 දී ආහාර මිල තවත් ඉහළ යනවා. එය මේ වන විට ගන්නා වැරදි තීන්දු තීරණ නිසා.


 දේශපාලකයා විසින් මුදල් අච්චු ගැසීම උද්ධමනයට බලපාන්නේ නෑ කිව්වත් එය මහ බැංකුව පිළිගන්නවා. එහිදී ජීවන අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙනවා. එම නිසා මහ බැංකුව විසින් අච්චු ගහපු මුදල නැවත මහ බැංකුවට ගන්න විවිධ උපක‍්‍රම යොදනවා.


 මහ බැංකුවේ අධිපතිතුමා පසුගියදා ප‍්‍රකාශයක් කරා ජනතාවට කොරෝනා නිසා ගිය වසරේ සිට බැංකු පද්ධතිය තුළින් සහන ලබා දුන්නා. පසුගිය වසරේ සිට අතිශය ප‍්‍රතිපත්ති ලිහිල් කරා. එය කොරෝනා ප‍්‍රශ්නයට මුහුණ දෙන්න එම ලිහිල් කිරීම් නැවතත් තදකරන්න කියලා අධිපතිතුමා කියනවා. එහිදී මූල්‍ය උත්තේජක ලිහිල් කරපුව නැවතත් තද කිරීමට සූදානම් වෙනවා. කොරෝනා නිසා ලීසිං ගත්ත බැටකන කොට්ඨාසයක් ඉන්නවා ණය ගෙවාගන්න බැරි කට්ටිය ඉන්නවා. තමන්ගේ ව්‍යාපාර බිඳ වැටුණු අය ඉන්නවා. එම අයට ප‍්‍රතිපත්ති පොලී අඩු කිරීම හරහා ඒ වගේම සෞභාග්‍යා වැඩසටහන හරහා මිලියන ගණන් දුන්නා. එවැනි ලිහිල් කිරීම් නිසා වසංගතය ඇතුලේ ආර්ථික කටයුතු පහසු කිරීමට තමයි එය කරේ. හැබැයි තවදුරටත් එම ලිහිල් කිරීම් කරන්න බැහැ. එමනිසා 2020 මාර්තු මාසේ ගත්ත ලිහිල් කිරීම් අද මේ වන විට තද කරන්න තීරණයක් ගෙන තිබෙනවා. එහිදී මෙතෙක් සහනය ගත්ත අයට ලීසිං වාරික ගෙවන්න ණය ගෙවන්න සිදුවෙනවා. මේ සියල්ලටම හේතුව ඩොලරයේ අර්බුදයයි. අපි අද මුහුණ දෙන්නෙ විශාල අභියෝගයකට.


 මහ බැංකු අධිපතිතුමා බංගලාදේශයේ සල්ලි ටික බලාපොරොත්තු වෙනවා. නමුත් සම්පූර්ණ මුදල ඔවුන් මුලින් දෙන්නේ නැහැ. පළමු වතාවට බංගලාදේශයෙන් විදේශීය ණය දෙන්නේ ශ‍්‍රී ලංකාවට කියලා. චීනය විසින් ඩොලර් මිලියන 300ක් ලබා දෙන බවත් කියලා තියෙනවා. එය මහා ලොකු ගානක් නෙමෙයි. ඒ ගාන දීලා චීනයට අපිව බේරා ගන්න බැහැ. බංගලාදේශයත් ඩොලර් මිලියන 250ක් දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලනුත් ඩොලර් මිලියන 780ක් දෙනවා කියනවා. ඒ අපිට පමණක් නෙමෙයි ලෝකයේ හැම රටකටම ලැබෙන මුදලක්. එච්චරයි තිබෙන්නේ. නිවාඞ් කබ්රාල් ඇමැතිවරයා කියනවා රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කරලා ඉදිරි මාස කිහිපයට ඩොලර් හොයාගන්නවා කියලා. අපි දන්නේ නැහැ මොනවාද විකුණන්න උත්සාහ කරන්නේ කියලා. විදේශ අමාත්‍යංශ ගොඩනැගිල්ල විකුණනවා තවත් ගොඩනැගිලි විකුණුවා කියනවා නොයෙකුත් දේවල් විකුනනවා කියනවා කොච්චර කිව්වත් ඒව ගන්න තවම කවුරුත් ඇවිල්ලාත් නැහැ. දැන් මේ අයට තේරිලා තියෙනවා මේ ප‍්‍රශ්න විසඳන්න තවදුරටත් සල්ලි අච්චු ගහලා බැහැ කියලා.


 කිසිම දේශපාලනඥයෙකු නිලධාරියෙකුට වෙළෙඳපොළ හසුරුවන්න බැහැ. රැුවුළත් ඕන කැඳත් ඕන වුනාට දෙකම කරන්න බැහැ. ආණ්ඩුව කිව්වට ඩොලරය අල්ලගෙන ඉන්නවා කියලා අද කෝ ඒක. අඩුම ගානේ හාල් ගැසට් එක වත් ක‍්‍රියාත්මක කරන්න පුලූවන්ද? කරන්න බැහැ. යථාර්ථය තේරුම් ගන්න ආර්ථික විද්‍යාව තේරුම් ගන්න. කරන්න පුලූවන් දේවල් තියෙනවා කරන්න බැරි දේවල් තියෙනවා අද උද්දච්ච වෙලා හිතුවක්කාර වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නෑ කියලා මට මේක කරන්න පුළුවන් කිව්වට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න වෙනවා. වෙන විකල්පයක් නැහැ. 69 ලක්ෂයක තුනෙන් දෙකක විශාල බලයක් තියෙන ආණ්ඩුවට රට ගොඩ ගන්න බැරිනම් වැඩක් නැහැ.


 සමගි තරුණ බලවේගය ජාතික සංවිධායක විජේසුන්දර මහතා ද මෙහිදී අදහස් දැක්විය.

devaina

No comments

Ads Place