Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“එන්නත් දෙකම නැත්නම් කොළඹ ජංගම වෙළෙඳාම බෑ’’

 නිරෝධායන ඇදිරිනීතිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොව්ඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදෙන ඇති වෙළෙඳුන්ට පමණක් බවත් එන...


 නිරෝධායන ඇදිරිනීතිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොව්ඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදෙන ඇති වෙළෙඳුන්ට පමණක් බවත් එන්නත් මාත්‍රා දෙකම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමේ නිරත වුවහොත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.


නිරෝධායන සමයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව සැපයීම සඳහා මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබෙන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13 ආවරණය වන පරිදි ජංගම වෙළෙඳුන් 12,294 ක් ද තොග වෙළෙඳසල් 1,489 ක් ද ලියාපදිංචි කර බෙදාහැරීම් මාර්ග 2345ක් හඳුනාගෙන ඇති බවත් යසරත්න මහතා කීය.

lankadeepa

No comments

Ads Place