Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිරිපිටි බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරයි!

  ආනයනික කිරිපිටි මත පනවා තිබූ රුපියල් 175ක බදු මුදල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙ...

 


ආනයනික කිරිපිටි මත පනවා තිබූ රුපියල් 175ක බදු මුදල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවේදී පැවසීය.


රට තුළ පවතින කිරිපිටිවල අවශ්‍යතාව තේරුම් ගෙන එහි මිල වැඩි නොකරමින් රජයට ලබා ගන්නා ආදායම අඩු කර හෝ ජනතාවට සහනයක් ලබාදිය යුතුය යන තීරණය අනුව මෙම බද්ද ඉවත් කළ බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (10) පැවසුවේය.


දේශීය කිරි ගොවියාට අගතියක් නොවන ලෙස මෙම බදු ඉවත් කිරීම සහ කිරිපිටි ආනයනය කිරීම සිදු කරන බව ද ඇමැතිවරයා කියා සිටියේය.


දේශීය කිරි නිෂ්පාදනය සියයට සියයක් සිදු කර කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ හැකියාවක් පවතින බවත් සියයට 20ක්ව පැවැති මෙරට කිරි නිෂ්පාදනය මේ වන විට සියයට 40 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවරයා කීය.


ජනතාවගේ කිරි පරිභෝජනයේ අවශ්‍යතාවෙන් සියයට 40ක ප්‍රමාණයක් පමණක් දැනට දේශීයව සිදු වන අතර ඉතිරි සියයට 60ක අවශ්‍යතාව සපුරා ගනුයේ ආනයනික කිරිපිටිවලින් බවත් ඉදිරියේදී එම සියයට 60ක අවශ්‍යතාව මෙරටදීම නිෂ්පාදනයට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පැවසුවේය.


පසුගිය කාලයේ රජය පමණක් සිදු කළ දියර කිරි නිෂ්පාදනය මේ වන විට පෞද්ගලික අංශය ද සිදු කිරීමට ආරම්භ කර ඇති බවත් රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට එය ඉවහල් වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

noizetv

No comments

Ads Place