Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිවසේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙසක්

කොරෝනා වෛරසය ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් තමන් ආසාදිතයින් බවට පරීක්ෂණ මඟින් තහවුරු වූ දින සිට අවම වශයෙන් දින 14 ක් හෝ රෝග ලක්ෂණ ...


කොරෝනා වෛරසය ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් තමන් ආසාදිතයින් බවට පරීක්ෂණ මඟින් තහවුරු වූ දින සිට අවම වශයෙන් දින 14 ක් හෝ රෝග ලක්ෂණ සුව වන තුරු නිවසේ රැඳී සිටීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.


නිවසේ ප්‍රතිකාර ලබන රෝගියෙකු සුව වූ පසු නිවසේ රැඳී සිටිය යුතු අනිවාර්්‍ය දින ගණනක් ප්‍රකාශ කර නැතත් රෝග ලක්ෂණ පහව යාමෙන් පසුවද සති කිහිපයක් අනවශ්‍ය ලෙස වෙහෙසීමෙන් වැළකිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.


මේ වන විට කොවිඩ් ආසාදිත පුද්ගලයින් දහස් ගණනක් වෛද්‍ය උපදෙස් මත නිවසේදී ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත් එවැනි රෝගීන් සුව වූ පසු ඒ පිළිබඳ නිශ්චිත තහවුරුවක් ලබා ගැනීම සඳහා පී.සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙන්නේ නැහැ.


එවැනි තත්ත්වයක් තුළ නිවසේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු යළි බාහිර සමාජයට යා හැක්කේ කුමන කාල සීමාවකදීදැයි නෙත් නිවුස් සෞඛය අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මේ ඊට ප්‍රතිචාර දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.


අවශ්‍ය පහසුකම් අදාල නිවස තුළ පවතින්නේ නම් පමණක් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු නිවසේ ප්‍රතිකාර ලැබීමට යොමු විය යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. පිටස්තර පුද්ගලයින් එවැනි ආසාදිතයින් ප්‍රතිකාර ලැබූ නිවසකට යළි පැමිණිය හැකි කාල වකවානු සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කරුණු පැහැදිලි කළා. 

nethnews

No comments

Ads Place