Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් පාලනයට උපරිම සහාය දෙන්න

  නිරෝධායන ඇඳිරිනීතිය පනවා කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා  උපරිම සහයෝගය ලබා දෙන්නැයි  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...

 


නිරෝධායන ඇඳිරිනීතිය පනවා කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා  උපරිම සහයෝගය ලබා දෙන්නැයි  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  සියලු රටවැසියන්ගෙන්  ඉල්ලීමක් කරයි.


මේ නිරෝධායන  කාලයේදී අවසර  දෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවත් රජය අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන   එම සහනය  අව භාවිතා නොකරන ලෙස සියලු දෙනාගෙන්  ඉල්ලා සිටින බවත්  යුද හමුදාපතිවරයා පැවැසීය.


මේ අතර වයස අවුරුදු 60 ඉක්මවු මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයින් හඳුනාගනිමින් ඔවුන් එන්නත්කරණයට යොමුකිරීමද  නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ තවත් ප්‍රධාන අරමුණක් බව ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කීවේය.

lankadeepa

No comments

Ads Place