Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝව්ඩ් එන්නත්, මරණය දුරස් කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවට සහතිකයක්

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් වෛරසය හෝ එහි විවිධ නව ප්‍රභේද නොවැළදෙන බවට සහතික කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහෙත් එන...


කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් වෛරසය හෝ එහි විවිධ නව ප්‍රභේද නොවැළදෙන බවට සහතික කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.


එහෙත් එන්නත ලබා ගැනීමෙන් මරණය සහ බරපතල සංකුලතා ඇතිවීමෙන්  සුවිශාල ආරක්ෂාවක් ලැබෙන බවට සහතික විය හැකි යැයි එම සංවිධානය අවධාරණය කරනවා.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් මෙම බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවෙි විද්‍යා තාක්ෂණ අමාත්‍ය ජිතේන්ද්‍ර සිං සමග පැවති සාකච්ඡාවකදීයි.


විවිධ නව ප්‍රභේදවල බලපෑම සම්බන්ධයෙන් නිරතුරුව අවධානයෙන් සිටීම  කොරෝනා පාලනයේදී අතිශය වැදගත් බවද  ඇය  මෙහිදී පවසා ඇතැයි එන්ඩීටීවී පුවත් සේව වාර්තා කළා.


ඉන්දියාව වැනි විවිධ විශ්වාස ඇති රටක එන්නත්කරණය අසීරැවුවත් එය සාර්ථකව ක්‍රියාත්මක වන බව අමාත්‍ය ජිතේන්ද්‍ර සිං පැවූ බව සදහන්.


මෙි අතර ගතවූ පැය විසිහතර තුළ සමස්ත ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 38,667 ක් වන අතර මරණ සංඛ්‍යාව 478ක්.


අගනුවර වන දිල්ලි ප්‍රාන්තයෙන් එම කාලසීමාවේදී වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 50ක් පමණ වන අතර,එම කාලය තුළ දිල්ලියේ කිසිදු පුද්ගලයකු කොරෝනා රෝගයෙන් මියගොස් නොතිබීම ද විශේෂත්වයක්.

nethnews

No comments

Ads Place