Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එක් ආසාදිතයයි: නවසීලන්තය ලොක්ඩවුන්

 ඕක්ලන්ඩ් නුවරින්, එක් 'කොවිඩ් 19' ආසාදිතයකු හමුවීමත් සමඟ මුළු නවසීලන්තයම ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය උපදෙස් අනුව, එරට අග්‍රාමාත්‍යවරිය ...


 ඕක්ලන්ඩ් නුවරින්, එක් 'කොවිඩ් 19' ආසාදිතයකු හමුවීමත් සමඟ මුළු නවසීලන්තයම ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය උපදෙස් අනුව, එරට අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න් තීරණය කළාය.


ජනතාවගේ ජීවිතආරක්ෂා කර ගැනීමටත්, වයිරස ආසාදිතයන් හඳුනා ගනිමින් ව්‍යාප්තිය පාලනය කිරීමේත් අරමුණින් මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවකදී පවසා තිබේ.


නවසීලන්තය මුළුමනින්ම දින 3 ක් ලොක්ඩවුන් වුවත්, ආසාදිතයන් හමුවුණු ඕක්ලන්ඩ් නුවර සහ එය අයත් කොරෝමැන්ඩෙල් අර්ධද්වීපය දින 3 ක් නොව දින 7 ක් තෙක් ලොක්ඩවුන් කිරීහට පියවර ගෙන තිබේ.


නව ආසාදිතයන් ලෙස හමුවූයේ ඩෙල්ටා විකෘතිය ආසාදිතයකු ද යන්න තවමත් තහවුරු වී නොමැති බව ද සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් අගමැතිනිය පවසා ඇත.

lankadeepa

No comments

Ads Place