Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොක්ඩවුන් කල විදිහ වැරදියි.. ඒ නිසා එලවළු හිගයක් එනවා.

  ජනතාවට කිසිදු පෙර සූදානමකට ඉඩක් නොදී එකවරම රට වසා දැමීම සිදු කිරීම හේතුවෙන් ඉදිරියේ දී එළවළු හිගයක් ඇති විය හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්ම...

 


ජනතාවට කිසිදු පෙර සූදානමකට ඉඩක් නොදී එකවරම රට වසා දැමීම සිදු කිරීම හේතුවෙන් ඉදිරියේ දී එළවළු හිගයක් ඇති විය හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

අවිද්‍යාත්මක රට වසා දැමීම හේතුවෙන් ටොන් ගණන් එළවළු හා පළතුරු විසිකරමින් ඇතැයි ද පැවසූ ඔහු මේ විනාශ වන්නේ රටේ ජාතික සම්බත් හා ජාතික ධනය බවද පැවසීය.

එක්වරම රට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණ තුළින් පාරිභෝගිකයා මෙන් ම ගොවීන් ද විශාල අසාධාරණයට ලක්වන බවද ඔහු පැවසීය.

දිනකට දෙකකට පෙර රට වසා දැමීම ගැන දැනුවත් කලේ නම් ගොවීන්ට අස්වැන්න නෙළාගෙන අලෙවි කර ගැනීමට කාලයක් ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම පාරිභෝගිකයන්ටද තමනට අවශ්‍ය බඩු භාණ්ඩ කඩිමුඩියේ මිලට ගැනීමට උවමනාවක් ඇති නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

lankacnews

No comments

Ads Place