Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චන්දිගේ ‘රෙඞ්ස්’ පළමු ජය ලබයි – එස්.එල්.සී. ආරාධිත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය

 එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල්ගේ ‘රෙඞ්ස්’ කණ්ඩායම ඊයේ (16 වැනිදා)...


 එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල්ගේ ‘රෙඞ්ස්’ කණ්ඩායම ඊයේ (16 වැනිදා) සමත් විය. එ් අශාන් ප‍්‍රියංජන්ගේ ‘ගී‍්‍රන්ස්’ කණ්ඩායම කඩුලූ 10කින් පරාජයට පත් කරමිනි.


පන්දු 120කදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 144ක් හඹා ගිය ‘රෙඞ්ස්’ පිතිකරුවෝ පන්දුවාර 17.3කදී කිසිවෙකුත් නොදැවී අදාළ ඉලක්කය පසුකර ගියහ. ප‍්‍රවේගකාරී ඉනිමක් දියත් කළ අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 58කදී නොදැවී ලකුණු 82ක් වාර්තා කිරීමට සමත්විය. හතරේ පහර 4කින් වර්ණවත් වූ එම ඉනිමට හයේ පහර 6ක්ද එක් කිරීමට අවිශ්ක ප‍්‍රනාන්දු වග බලාගත්තේය.


නායකත්වයේ ඉනිමක් දියත් කළ චන්දිමාල් ඊයේ පන්දු 44කදී නොදැවී ලකුණු 51ක් වාර්තා කළේය. එම ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් එක් කිරීමට චන්දිමාල් සමත්විය.


තරගාවලියේ මෙතෙක් කිසිදු ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් වී සිටි කණ්ඩායම් දෙකටම ඊයේ තරගය ජය ගැනීම වැදගත් කරුණක් බවට පත්වී තිබිණි. එ් අනුව තරගාවලියේ පස් වැනි තරගය ලෙසින් මහනුවර පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී ඊයේ සවස 2.30ට ආරම්භ වූ අදාළ තරගයේදී කාසියේ වාසිය දිනූ ‘ගී‍්‍රන්ස්’ කණ්ඩායම පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කිරීමට තීරණය කළේය.


ගී‍්‍රන්ස් කණ්ඩායමේ පළමු කඩුලූ 4 මුලූ ලකුණු 52ක් වන විටදී දවා ගැනීමට සීකුගේ ප‍්‍රසන්න සහ ප‍්‍රභාත් ජයසූරිය සමත්වූහ. කෙසේ වෙතත් අනතුරුව හය පස්වැනි කඩුල්ල ලෙසින් පිටියට එක් වූ කමිඳු මෙන්ඩිස් සහ ෂම්මු අශාන් ලකුණු 75ක සම්බන්ධතාවක් ගී‍්‍රන්ස් ලකුණු පුවරුවට එක් කළේය. කමිඳු මෙන්ඩිස් පන්දු 42කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 66ක් ලබා ගැනීමට සමත්වූ අතර ෂම්මු අශාන් පන්දු 20කදී හයේ පහර 2ක් සහ එක් හතරේ පහරක් සමගින් ලකුණු 29ක් වාර්තා කළේය.


එස්.එල්.සී. තරගාවලියේ ඊයේ සිය පළමු තරගයට කී‍්‍රඩා කළ චාමික කරුණාරත්න දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ප‍්‍රතිවාදී ගී‍්‍රන්ස් කණ්ඩායමේ කඩුලූ 3ක් බිඳ දැමීමට සමත්විය.


ලකුණු සටහන


ගී‍්‍රන්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලූ 7ක් දැවී ලකුණු 143යි.(ළහිරු උදාන 14, කි‍්‍රෂාන් සංජුල 15, පැතුම් නිස්සංක 03, කමිඳු මෙන්ඩිස් 66, අශාන් ප‍්‍රියංජන් 06, ෂම්මු අශාන් 29, රොමේෂ් මෙන්ඩිස් 03, ඉෂාන් ජයරත්න (නොදැවී) 02, චාමික කරුණාරත්න 26/3, සීකුගේ ප‍්‍රසන්න 20/2, අසේල ගුණරත්න 21/1, ප‍්‍රභාත් ජයසූරිය 15/1)


රෙඞ්ස් කණ්ඩායම පන්දුවාර 17.3කදී කිසිවෙකුත් නොදැවී ලකුණු 144යි(අවිශ්ක ප‍්‍රනාන්දු (නොදැවී) 82, දිනේෂ් චන්දිමාල් (පිටියෙන් ඉවත්වුණා) 51, අසේල ගුණරත්න (නොදැවී) 03)

devaina

No comments

Ads Place