Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුද හමුදාපතිගෙන් දැනුම්දීමක්

කොරෝනා මර්දන එන්නන් තමන්ට අයත් ග්‍රාම නිලධාරී වසමෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් පමණක් ලබා ගන්නා ලෙස යුද්ධ හමුදාපති ජෙනරා...


කොරෝනා මර්දන එන්නන් තමන්ට අයත් ග්‍රාම නිලධාරී වසමෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් පමණක් ලබා ගන්නා ලෙස යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 


ඒ ඒ බලප්‍රදේශවලට නියමිත ප්‍රමාණයන්ගෙන් යුත් එන්නත් මාත්‍රා ලබාදී ඇති බැවින් තමන්ට අයත් බලප්‍රදේශයෙන් පමණක් එන්නත ලබාගන්නා ලෙයසි මෙහිදී ඉල්ලීමක කෙරුණේ. 


එන්නත් මධ්‍යස්ථාන කිහිපයක ඉකුත් දා ගැටළුකාරී තත්ත්වයන් ඇතිවූයේ මෙවැනි සිදුවීම් නිසා බව ද හමුදාපතිවරයා පැවසුවා. 


කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට පමණක් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ සහ දියත උයනේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානවලින් සිය එන්නත් මාත්‍රාව ලබාගත හැකි බවයි මෙහිදී යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් එක් ලක්ෂ 18,241 දෙනෙකු ඊයේ දිනයේදී එන්නත් කර තිබෙනවා. 


ඉන් පුද්ගලයින් 10, 254 දෙනෙකුට ලබා දී ඇත්තේ කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාවයි. 


ඊයේ දිනයේදී දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ 7,987 ක්. ඉන් පුද්ගලයින් 93,715 දෙනෙකුට ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාවයි. 


මේවනවිට මෙරට පුද්ගලයින් එක් කෝටි විසිතුන් ලක්ෂ 25,787 දෙනෙකුට කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. 


ඉන් පුද්ගලයින් හැත්තෑ එක් ලක්ෂ 73,120 දෙනෙකුට මේවනවිට දෙවන මාත්‍රාවත් ලබාදී අවසන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. 


ඒ අනුව මේවනවිට මෙරට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව හැත්තෑ එක් ලක්ෂ 73,120 ක් වනවා. 

No comments

Ads Place