Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප්, බලහත්කාරයෙන් කප්පාදු කිරීමක් නෑ - ඩලස්

  කොවිඩ් අරමුදලක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප්, බලහත්කාරයෙන් කප්පාදු කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අම...

 


කොවිඩ් අරමුදලක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප්, බලහත්කාරයෙන් කප්පාදු කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. 


රට තවදුරටත් වසා දැමීමට සිදුවුවහොත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වැටුප් කප්පාදු කිරීමේ සූදානමක් ඇත්දැයි අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 


මේ අතර කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් තුන් ලක්ෂය බැගින් සතිපතා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 


ඒ සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ. 


මේ අතර රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ ඉන් ආරක්ෂාවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සංවිධාන කළ “හුස්ම” වැඩසටහන සම්බන්ධයෙන් ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙහිදී අදහස් පළ කළා. 

nethnews

No comments

Ads Place