Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බූස්ටර් මාත්‍රාවක් ලබාදෙන වයස් සීමාව පහළ දැමීමට ඊශ්‍රායලය තීරණය කරයි

බූස්ටර් මාත්‍රාවක් ලබාදෙන වයස් සීමාව වයස අවුරුදු 30 සිට අවුරුදු 12 දක්වා පහළ දැමීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.  ඒ අනුව වයස අවුරුදු 12 ට වැඩ...


බූස්ටර් මාත්‍රාවක් ලබාදෙන වයස් සීමාව වයස අවුරුදු 30 සිට අවුරුදු 12 දක්වා පහළ දැමීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා. 


ඒ අනුව වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ටත් කොරෝනා මර්දන එන්නතක 03 වන මාත්‍රාව ලබාදීමටයි ඊශ්‍රායලය සූදානම් වන්නේ. 


රට තුළ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තවීමත් සමග සිය වැසියන් සඳහා බූස්ටර් මාත්‍රාවක් ලබාදීමට ඊශ්‍රායලය තීරණය කළා. 


ඒ අනුව පළමුව අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් මාත්‍රාව ලබාදුන් අතර පසුව අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා ද බූස්ටර් මාත්‍රාව ලබාදීමටයි ඊශ්‍රායල රජය තීරණය කළේ. 


වඩා හොඳ ප්‍රතිශක්තීකරණයක් සඳහා 03 වන මාත්‍රාවක් ලබාදීමට ගත් තීරණය සාර්ථක බැවින් අවුරුදු 12 ට වැඩි දරුවන් සඳහා ද බූස්ටර් මාත්‍රාවක් ලබාදීම සුදුසු බවයි ඊශ්‍රායල බලධාරීන්ගේ තීරණය වී ඇත්තේ. 


ඒ අනුව කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 05 ක් ගතවී ඇති පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාව ලබාගත හැකි වනවා. 


කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව සිදුකරන ලොව රටවල් අතර ඊශ්‍රායලය ද පෙරමුණේ පසුවනවා. 


ඊශ්‍රායලය එරට වැසියන්ට ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. 

nethnews

No comments

Ads Place