Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආරම්භය ගැන චීනයෙන් තවත් අනාවරණයක්!

  2019 වසරේ අගභාගයේදී චීනයේ වූහාන් නගරයෙන් නිල වශයෙන් කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට පෙර ලොව ස්ථාන කිහිපයක වෛරසය සංසරණය වී ඇතැයි පර්යේෂණයකින් ...

 


2019 වසරේ අගභාගයේදී චීනයේ වූහාන් නගරයෙන් නිල වශයෙන් කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට පෙර ලොව ස්ථාන කිහිපයක වෛරසය සංසරණය වී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වූ බව චීන සී.ජී.ටී.එන්. නාලිකාව හෙළිකර ඇත.


වෛද්‍ය සඟරා ලිපි සහ ප්‍රවෘත්ති වාර්තා විශ්ලේෂණය කිරීම තුළින් එම නාලිකාව සකස්කර ඇති සටහනකට අනුව අමෙරිකාව, ජපානය සහ ස්පාඤ්ඥය ඇතුළු රටවල් කිහිපයක වූහාන් නගරයට පෙර කොවිඩ් වෛරසය ව්‍යාප්ත වී තිබී ඇති බව සඳහන් කරයි.


වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් අමෙරිකාව චීනයට ඍජුවම චෝදනා එල්ල කරන පසුබිමක මෙම වාර්තාව නිකුත් කිරීම විශේෂත්වයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.


මේ අතර මුල් අවදියේදී කොවිඩ් වසංගතය හොඳින් පාලනයකර සිටි වියට්නාමය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් මෙන්ම දරුණු වසංගත ව්‍යාප්තියකට මුහුණදී එය පාලනය කරගැනීමට සමත්වූ අමෙරිකාව වැනි රටවල් ද මේ වනවිට නැවතත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආක්‍රමණයට නතුවී ඇත.


මින් වසරකට පමණ පෙරදී කොවිඩ් ආසාදිතයන් ශුන්‍ය කළ චීනයේ වූහාන් නගරයෙනුත් මේ වනවිට ඩෙල්ටා ආසාදිතයන් හමුවෙමින් තිබීම විශේෂත්වයකි.


මාස 6කට පසු අමෙරිකාවේ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ගෙවුණු පැය 24දී වාර්තා වී තිබේ.


ඒ, 170,166ක් ලෙසය.


මාසයකටත් අඩු කාලයක් තුළ එරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව පස්ගුණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.


ඉදිරි සති කිහිපය තුළදී එරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණ වනු ඇති බවට ද මේ වනවිට මත පළවී තිබේ. 


ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද 20 කෝටි 16 ලක්ෂය ඉක්මවා ගියේය.


42 ලක්ෂ 79,000 ඉක්මවූ කොවිඩ් මරණ සංඛ්‍යාවක් මේ වනවිට ලොවපුරා රටවලින් වාර්තා වී තිබේ.

noizetv

No comments

Ads Place