Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුක්තිය කියන්නේ පළිගැනීම නොවේ… රටවැසියාගේ දුක වේදනාවට සංවේදී නැති රාජ්‍ය පාලනය පරාජය කරමු….

  පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිවයුත්තන් තවමත් නීතිය ඉදිරියට නොගෙන්වූ වත්මන් ආණ්ඩුවට එරෙහිව ලබන 21 දා කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීමට පෞද්ගලිකව...

 


පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිවයුත්තන් තවමත් නීතිය ඉදිරියට නොගෙන්වූ වත්මන් ආණ්ඩුවට එරෙහිව ලබන 21 දා කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීමට පෞද්ගලිකව ඉදිරිපත් වන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉල්ලා සිටිති.


 එම නිල නිවසේදී ඊයේ (13 දා* පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.


 මුළු රටම කම්පනයට පත් කළ පාස්කු ඉරු දින බෝම්බ ප‍්‍රහාරය සිදුවී වසර 2 කටත් වැඩි කාලයක් ගත වුවද එහි පිටුපස තිබුණු කුමන්ත‍්‍රණය රටට හෙළිදරව් කිරීමට තවම රජය අසමත් වී තිබීම රටේ අනාගත ආරක්‍ෂාව බරපතළ ලෙස අනතුරේ හෙළීමක් බව තේරුම් ගත් අපි අපේ ජාතික වගකීම ඉටුකරනු වස් මෙම ප‍්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍යය රටට හෙළිදරව් කරන්නැයි ඉල්ලා පසුගිය ජූලි 13 දා ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළා. ඊට ජනාධිපතිතුමාගෙන් සාධනීය ප‍්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටි අපට දින 24 කට පසු පිළිතුරු ලිපිය ලෙස ලැබුණේ ජනාධිපතිතුමාවත්, අඩුම තරමේ එතුමාගේ ලේකම්තුමා වත් අත්සන් කළ ලිපියක් නොව ජනාධිපති කාර්යාලයට සම්බන්ධ නීතිඥවරයකුගේ අත්සනින් නිකුත් කළ ඉතාම ලාමක පිළිතුරක්. මෙම ප‍්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ මෙන්ම ඉන් පරිබාහිර ඇතැම් අංශ වෙතින් අප ලද දත්තයන් ඔස්සේ අප නැ`ගූ බරපතළ ප‍්‍රශ්න සම්බන්ධයෙන් රජය ගන්නට යන කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගැන හෝ ඒවා ගැන නිසියාකාර විමර්ශනයක් පිළිබඳ කිසිදු සඳහනක් නැති එම ලිපියේ අඩංගු වන්නේ හුදෙක් ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව එදා සිට මේ දක්වා එකිනෙකා අතට හුවමාරු වූ ආකාරය පිළිබඳ විස්තරයක් පමණයි.


 සියලූ දේශපාලකයන්ට මම කියන්නේ ආගමික නායකයන් වශයෙන් අපට අයුක්තියට හිස නැමීමට පුළුවන්කමක් නැත. ජනතාවගේ අහිංසක ලේ ගැන අපට කැක්කුමක් ඇත. අප අදහන ආගමික ශාස්තෘවරුන් ඉදිරියේ නිරපරාදේ වැගිරූ අහිංසකයන්ගේ ලේ වලට ගණන් දීමට අපි බැඳී සිටිමු. එම වගකීමෙන් ලිස්සා පැන යෑම අපේ හෘදසාක්ෂියට අනුව අපට කිසිසේත්ම කළ නොහැකියි. බෞද්ධ වේවා, හින්දු වේවා, ඉස්ලාම් වේවා, කතෝලික කි‍්‍රස්තියානි වේවා, අප රටේ වෙසෙන සෑම පුරවැසියෙක් ගැනම අපට යුතුකමක් තිබෙනවා. සහෝදර බැඳීමක්, වගකීමක් තිබෙනවා. එම නිසා ජාති ආගම් භේදවලින් තොරව පාස්කු ඉරු දින සිදුවූ ප‍්‍රහාර මාලාව මුළු රටටම එක වගේ බලපෑ බව අමුතුවෙන් කිව යුතු නෑ. ඉන් ඝාතනයට ලක්වූ, තුවාල වූ, සදාකාලික අබ්බගාතයන් වූ අය අතර හැම ආගමකටම අයිති අය සිටිනවා. හැම භාෂාවක්ම කතා කරන අය ඉන්නවා. එබැවින් මුල සිටම අපේ ගෞරවනීය සංඝරත්නය ප‍්‍රධාන සියලූ ආගමික නායකයන් සහෝදරත්වයෙන් යුතුව මනුෂ්‍යත්වයේ නාමයෙන් රටේ සාමය සහ සහජීවනය සඳහා කැපවී පෙරට ආවා. ජනතාව වෙනුවෙන් සිය වගකීම් නොපිරිහෙලා ඉටුකළා. අපිව දිරිමත් කළා.


 මේ කොවිඞ් වසංගත තත්ත්වය උත්සන්න වීගෙන යන කාල වකවානුවක අපි ජනතාවගේ ජීවිත අනතුරේ දමන්න සූදානම් නෑ. එම නිසා මහමඟ උද්ඝෝෂණ කර අපේ විරෝධතාව පෙන්වීමට අපට සාධාරණ බාධා තිබෙනවා. ඒ සීමා උල්ලංඝනය නොකර අපේ නිහඬ විරෝධතාවේ ප‍්‍රබල සංකේතයක් ලෙස අපි මේ මාසේ 21 වැනි සෙනසුරාදා අපේ ගෙවල්වල කළු කොඩි ඔසවනවා. අපේ ගෙවල්වල, වැඩ කරන ස්ථානවල, කාර්යාලවල, කඩ සාප්පුවල, අපේ රථ වාහනවල, කළු කොඩියක් දමා අපට අපේ වේදනාවත්, අප‍්‍රසාදයත් පළකරන්න පෞද්ගලිකව ඉදිරිපත් වෙන්න පුළුවන්කම තිබෙනවා. එම නිසා මේ අසාධාරණ වැඩපිළිවෙළට විරුද්ධව ඔබේ අප‍්‍රසාදය පළ කිරීමේ ප‍්‍රබල ක‍්‍රමයක් ලෙස ඔබේ ගෙදර කළු කොඩියක් දමන්න ඔබට පුළුවන්කම තිබෙනවා. මේ වසංගත තත්ත්වය යටතේ එවැනි විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වීමෙන් කොවිඞ් ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ වැඩපිළිවෙළට බාධාවක් ඇති වෙන්නේ නැහැ. කොවිඞ් වසංගතය වගේම දරුණු මේ අනිත් වසංගතය එනම් රට වැසියාගේ දුකට වේදනාවට අසංවේදී රාජ්‍ය පාලන ක‍්‍රමයක් දේශපාලන අතපෙවීම්වලට සියල්ල යට කිරීමත් ජනතා හඬ මර්දනය කිරීමේ වැඩපිළිවෙළත් අපි පරාජය කළ යුතු වෙනවා. එම නිසා ජාති හා ආගම් භේද නොබලා මේ විරෝධතාවට අප සමග එක්වන්න කියා අපි ඔබ සියලූදෙනාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

devaina news paper

No comments

Ads Place