Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇෆ්ගනිස්ථානයට යළි දැඩි අවදානමක්

ඇෆ්ගනිස්ථානය යළි දැඩි අවදානමකට පත්ව තිබෙනවා.  ඒ, ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පළ වන නවතම වාර්තාත් සමගයි. අමෙරිකාව ප්‍රමුඛ ප්‍රධාන රටවල්...


ඇෆ්ගනිස්ථානය යළි දැඩි අවදානමකට පත්ව තිබෙනවා. 


ඒ, ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පළ වන නවතම වාර්තාත් සමගයි. අමෙරිකාව ප්‍රමුඛ ප්‍රධාන රටවල් කිහිපයක් දැන් අනතුරු අඟවා ඇත්තේ ජනතාව දහස් ගණනින් රොක් වී සිටින කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපොල දැඩි අවදානමක ඇති බවයි. 


බොහෝවිට ගුවන් තොටුපොල ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.


ඕස්ටේ්‍රලියාව, අමෙරිකාව සහබ්‍රිතාන්‍යය විශේෂ අනතුරු ඇගවීමක් නිකුත් කරමින් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ තම රට වැසියන්ට වහාම ගුවන් තොටුපොලට හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණීමෙන් වළකින ලෙසයි. 


දැනටමත් ගුවන් තොටුපොල අවට සිටින්නේ නම් වහාම අදාළ ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට එම රටවල් දැනුම් දී තිබෙනවා. 


තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය සියතට ගෙන දින 10 ක් ගත වන විට ඇෆ්ගනිස්ථානය හැරගොස් ඇති සංඛ්‍යාව 82,000 කට අධිකයි. 


තවත් දහස් සංඛ්‍යාත පිරිසක් ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමේ අපේක්‍ෂාවෙන් කාබුල් ගුවන් තොටුපොලේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ අපේක්‍ෂා සහිතව බලා සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 


කෙසේවෙතත් ඇෆ්ගනිස්ථානයෙන් ඕනෑම අයෙකුට පිටත්ව යාමට තලෙයිබාන් සංවිධානය අවසර ලබාදී ඇත්තේ තවත් දින 6 කට පමණයි.  

nethnews

No comments

Ads Place