Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනාට ‍කොලෙස්ටරෝල් ඕනෑ!

 ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය (SARS-CoV-2) සහ කොලෙස්ටරෝල් අතරේ ඇති සම්බන්ධයක් ඇති බව ඔබ දන්නවාද? ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් සිදු කළ නව...


 ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය (SARS-CoV-2) සහ කොලෙස්ටරෝල් අතරේ ඇති සම්බන්ධයක් ඇති බව ඔබ දන්නවාද? ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් සිදු කළ නවතම අධ්‍යයනයකින් මේබව අනාවරණය වී තිබේ.


‘කොවිඩ් 19’ වයිරසය අප රෝගී කරන්නේ, අපේ සිරුරට ඇතුළු වී, අපේ සෛල තුළට රිංගා සෛල ආක්‍රමණය කරමින්, වයිරසයේ පිටපත් නිර්මාණය කිරීමෙනි. සෛලවලට හොරෙන් රිංගා යෑම වයිරසයට තනිවම කළ හැකි වන්නේ නැහැ. හේතුව සෛලවල විශේෂ ආරක්ෂක පටලයක් ඇති බැවිනි.


ඒ අනුව, ‘කොවිඩ් 19’ වයිරසයට තවත් කෙනකුගේ උදවු අවශ්‍ය වෙයි. මේ උදවුකරු වන්නේ කොලෙස්ටරෝල් ය.


‘කොවිඩ් 19’ වයිරසය, කොලෙස්ටරෝල් හවුල් කර ගනිමින්, අපේ සිරුරුවල සෛල පලා ඒ අතුළට රිංගා ගනී. සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය යහපත් අයුරින් පවත්වාගෙන යන අයකුට නම් ‘කොවිඩ් 19’ වයිරසයයෙන් එල්ල වන බලපෑම ඉතාමත් අඩුය. එපමණක් නොවෙයි, කොලෙස්ටරෝල් පාලනය කර ගැනීමට ඖෂධ භාවිතයට ගන්නා පුද්ගලයන්ට ද ‘කොවිඩ් 19’ වයිරසයෙන් ආරක්ෂාවක් ලැබෙයි. වයිරසය ආසාදනය වුවහොත්, සිදුවන බලපෑම ද අඩු වෙයි.


මේ බව අනාවරණය කර ඇත්තේ ඇමෙරිකාවේ ‘හවඩ් හියුස්’ වෛද්‍ය ආයතනයේ විද්‍යාඥ ආචාර්ය ක්ලිෆර්ඩ් බ්‍රැන්ග්වින් ඇතුළු පර්යේෂණ කණ්ඩායමය. ආචාර්ය ක්ලිෆර්ඩ් බ්‍රැන්ග්වින් සහ පර්යේෂණ කණ්ඩායම එළිදැක්වූ ඔවුන්ගේ අධ්‍යයන වාර්තාව මේ වනවිට බොහෝ දෙනාගේ අවධානයට ලක්වී හමාරය.


(ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)

noizetv

No comments

Ads Place