Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහල්වල ඇති ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලීමට කඩිනමින් පියවර

කොවිඩ් වසංගත තත්වය හමුවේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ඉහළ යාමත් සමග උද්ගතව ඇති ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉන්දියාවෙන් ඇණව...


කොවිඩ් වසංගත තත්වය හමුවේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ඉහළ යාමත් සමග උද්ගතව ඇති ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසනවා. 


ඒ අනුව ශක්ති නෞකාව මගින් මෙරටට රැගෙන ආ සායනික ඔක්සිජන් තොගය කොළඹ වරාය වෙත ගොඩබෑමෙන් අනතුරුව නැවතත් එම නෞකාව හෙට දිනයේදී තවත් සායනික ඔක්සිජන්  තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව යාමට නියමිතව ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. 


මෙරටට අවශ්‍ය සායනික ඔක්සිජන් කඩිනමින්  ලබා ගැනීම සඳහා මෙම සේවාව අවශ්‍යතාවය මත ඉදිරියටත් කාර්යක්ෂමව සිදු කිරිමට සුදානමින් සිටින බව ද නාවින හමුදාව සඳහන් කළා. 

nethnews

No comments

Ads Place