Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් අවදානමක්:රජයේ මුද්‍රණාලයේ අංශ පහක් වහයි

  කොවිඩ් අවදානම හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අංශ 5ක් වසා දමා ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය. රජ...

 


කොවිඩ් අවදානම හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අංශ 5ක් වසා දමා ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් 15 දෙනකු පසුගිය දින කිහිපයේදී හමුවූ බවද ඇය සඳහන් කළාය.

මෙසේ වසා දමා ඇත්තේ මුද්‍රණ අංශ තුනක්, වැටුප් අංශය සහ ගෙවීම් අංශය ඇතුළු අංශ පහක්ය.

මෙම ආසාදිතයන් පිරිස හමුවීමෙන් පසු ඔවුන්ට ආශ්‍රිතවූ සේවකයන් 200කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමුකළ බව පැවසූ ලියනගේ මහත්මිය කුමන බාධා අභියෝග පැමිණියද මුද්‍රණ කටයුතු දිගටම කරගෙන යන බවද පැවසුවාය .

කොවිඩ් අවදානම හේතුවෙන් එක් මුද්‍රණ අංශයක් වසා දමා ඇත්තේ ඊයේ(10) දිනයේය.

සමහර සේවකයන් උණ ඇතුළු සැකකටයුතු රෝග ලක්ෂණ තිබියදීත් තවත් ඇතැමුන් නිවෙස්වල නිරෝධායනය වන පිරිස් සිටියදීත් රාජකාරියට වාර්තා කර ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් වයිරසය ආයතනයේ පැතිරීමට ඇතැම් සේවකයන්ගේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය ප්‍රධාන වශයෙන් හේතු වූ බවත් කල්පනා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.

එන්නත් කාඩ් මුද්‍රණය මේදිනවල දිගටම කරගෙන යන බව පැවසූ රජයේ මුද්‍රණාලාධිපතිනිය සේවකයන් කාණ්ඩ වශයෙන් කැඳවා ආයතනයේ මුද්‍රණ කටයුතු යථා පරිදි කරගෙන යන බවද සඳහන් කළාය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ එක්දහස් පන්සීයකට ආසන්න සේවකයෝ පිරිසක් රාජකාරි කරති.

lankadeepa news

No comments

Ads Place