Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුනත් අදත් කොළඹ නගරයට විශාල වශයෙන් රථ වාහන

  නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණද අදත් කොළඹ නගරයට විශාල වශයෙන් රථ වාහන පැමිණෙන ආකාරය දක්නට ලැබුණා.  කොළඹ - මීගමුව මාර්ගය, ගාලු පාර ආදී ප්‍ර...

 


නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණද අදත් කොළඹ නගරයට විශාල වශයෙන් රථ වාහන පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. 


කොළඹ - මීගමුව මාර්ගය, ගාලු පාර ආදී ප්‍රධාන මාර්ගවල අලුයම් කාලයේ සිට විශාල වශයෙන් කොළඹ දෙසට රථවාහන ධාවනය වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ගාලු පාරේ අද උදෑසන පැවැති තත්ත්වය පිළිබඳ තොරතුරු මොරටුව නෙත් නිවුස් වාර්තාකරු දර්ශන් ප්‍රනාන්දුගෙන්. 


මේ අතර නිරෝධායන නීති සහ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 639 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති සහ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 57, 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 


මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන හා ඉන් පිටවන ස්ථාන 13 ක ඊයේ දිනයේදී රථවාහන 1,369 ක් සහ පුද්ගලයින් 2,284 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණු බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 

nethnews

No comments

Ads Place