Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවන සත්ව විශේෂයක් හඳුනා ගැනේ

“ලාමා” නමැති සත්වයින්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවන බව පර්යේණයකින් අනාවරණය වී තිබෙනවා.  බෙල්ජියමේ ගෙන්ට්හි ජෛව තාක්ෂණ මධ්‍...


“ලාමා” නමැති සත්වයින්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවන බව පර්යේණයකින් අනාවරණය වී තිබෙනවා. 


බෙල්ජියමේ ගෙන්ට්හි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයින් සිදුකළ පර්යේෂණයකින් එය තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 


කොරෝනා වෛරසයේ විවිධ ප්‍රතිදේහ සඳහා සාර්ථකව මුහුණදීමට “ලාමා” සත්වයින් තුළ ස්වාභාවිකව නිපදවෙන ප්‍රතිදේහවලට හැකි බවද එම පර්යේෂණය මඟින් අනාවරණය වී තිබෙනවා. 


ඒ අනුව කොවිඩ් මර්දන වැඩසටහන්වලදී මෙම සොයා ගැනීම ඉදිරි පියවරක් වනු ඇති බවයි විද්‍යාඥයින් පෙන්වාදී ඇත්තේ. 


ඒ අනුව මෙම පර්යේෂණයේ දත්ත යොදාගනිමින් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමටත් ඒ පිළිබඳ සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමටත් පර්යේෂකයින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

nethnews

No comments

Ads Place