Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන ඇඳිරිය කැඩූ පොලිස් සැරයන් අල්ලයි

 නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් තවත් පිරිසක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකුව අත් අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය...


 නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් තවත් පිරිසක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකුව අත් අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය කියයි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්මලසූරිය පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි.  


ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේ මහ මග ගමන් කරමින් තිබූ මෝටර් රථයක් නතර කරන ලෙස මාරවිල මාර්ග බාධකයක සිටි මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නියෝග කර ඇත.


එම මෝටර් රථයේ සිටි එක් අයකු ඉන් බැස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවට පැමිණෙන අතර තුර එහි සිටි සෙසු පුද්ගලයන් දෙදෙනා ඔවුන් පැමිණි මෝටර් රථයෙන් පලා ගොස් තිබේ.


දුම්මලසූරිය පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු බව සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.


නමුත් ඔවුන් දුම්මලසූරියේ සිට මාරවිල ප්‍රදේශයට පැමිණි හේතුව අනෙත් පුද්ගලයින් පලා යාම අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති අතර මේ පිළිබදව විශේෂ පරීක්ෂණයක් පවත්වනු ලබයි.

lankadeepa

No comments

Ads Place