Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය සේවයේ නිරත ගැබිණි මව්වරුන් කැඳවීම ගැන යළි සළකා බලන්නැයි ඉල්ලීම්

සියලුම රාජ්‍ය සේවකයින් අද සිට රාජකාරී සඳහා කැඳවා තිබෙනවා. ඒ කොවිඩ් පාලනය කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී කිරීමට අ...


සියලුම රාජ්‍ය සේවකයින් අද සිට රාජකාරී සඳහා කැඳවා තිබෙනවා. ඒ කොවිඩ් පාලනය කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී කිරීමට අදාලව නිකුත් කර ඇති සියලු චක්‍රලේඛ අවලංගු කරමින්. 

කෙසේවෙතත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි.


එහෙත් රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් පළාත් හරහා පැමිණීමට අවසර ලබාදෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ.


එලෙස රාජ්‍ය ආයතනවල සේවයට කැඳවන රාජ්‍ය සේවකයින් සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කිරීම අනිවාර්යය බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි සඳහන් කළේ.


රාජ්‍ය සේවකයින් රාජකාරී ස`ඳහා කැඳවිමට රජය ගෙන ඇති තීරණය අවදානම් සහිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ ප්‍රකාශ කළා. ඊට  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. 


මේ අතර ගැබිණි රාජ්‍ය සේවකයින් සහ කිරිදෙන මව්වරුන් රාජකාරී සදහා කැදවීම සම්බන්ධයෙන් පාර්ශව රැසකින් විරෝධතා එල්ල වනවා.


ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ගර්භණී කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් කොරෝනා එන්නත ලබාගෙන නොමැති බැවින් ඔවුන් සේවයට කැඳවීම අවදානම් බවයි. ඒ පිළිබද අවදානය යොමු කරමින් රාජ්‍ය සේවයේ නිරත ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන්ට සහනයක් ලබාදෙන ලෙසයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ.

nethnews

No comments

Ads Place