Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද පැරාඔලිම්පික් තරඟබිමට

ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අද තරග බිමට එක්වීමට නියමිතයි.  ඒ අනුව සුරේෂ් ධර්මසේන රෝද පුටු ට...


ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අද තරග බිමට එක්වීමට නියමිතයි. 


ඒ අනුව සුරේෂ් ධර්මසේන රෝද පුටු ටෙනිස් පිරිමි ඒකල ඉසව්ව සඳහා සහභාගි වන අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 07 යි 30 ට ආරම්භවනවා. 


ඔහු පැරාඔලිම්පික් උළෙලට සහභාගි වන්නේ පළමුවරටයි. 


මීට අතරව මහේෂ් ජයකොඩි පිරිමි ඔරු පැදීමේ ඒකල තරග ඉසව්ව සඳහා සහභාගි වන අතර ඔහුගේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7 ට ආරම්භවනවා. ඔහු 2019 ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේ රිදී පදක්කම් ලාභියෙක්. 


සම්පත්  බණ්ඩාර සහභාගි වන්නේ පිරිමි දුනු විදීම තරග ඉසව්වටයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10 යි 30 ට ආරම්භවනවා. 


මෙය ඔහු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලකට එක්වන දෙවැනි අවස්ථාවයි. ඔහු 2019 වසරේ ආසියානු පැරා දුනු විදීමේ ශූරතාවලියේ රන් පදක්කමක් ද දිනාගෙන තිබෙනවා.

nethnews

No comments

Ads Place