Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතික පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීම ඇරඹෙයි

  ජාතික පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීම පරිසර අමාත්‍යංශයේ ව්‍යාපෘති අංශය මගින් ආරම්භ කළ බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිං...

 


ජාතික පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීම පරිසර අමාත්‍යංශයේ ව්‍යාපෘති අංශය මගින් ආරම්භ කළ බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.


පරිසරයේ ආරක්ෂාව උදෙසා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනු ලබන්නේ ප්‍රථම වතාවට බවත් ආණ්ඩු මාරුවෙද්දී හා ඇමතිවරුන් මාරු වෙද්දී පවා ප්‍රතිපත්ති වෙනස්කරනු ලබන්නේ ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් බවත් ලෙක්ම්වරයා කීය.


මෙම ප්‍රතිපත්තිය සැකසීමේ දී පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පරිසරය සඳහා උනන්දුවක් දක්වන පරිසර සංවිධාන, පරිසරවේදීන් මෙන්ම පරිසර මාධ්‍යවේදීන්ගෙන් ද, වෙනත් විද්වතුන්ගෙන්ද අදහස් යෝජනා ලබා ගන්නා බවත්, එමගින් රජයක් හෝ අමාත්‍යවරයා වෙනස් වන විට වෙනස් නොවන ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බවත් ජාසිංහ මහතා පැවසීය.


මෙම වසර අවසන් වීමට ප්‍රථම ජාතික පාරිසරික ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්සියලු දෙනාගේ අදහස් විමසා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමෙන් පසු ඊට කිසිවෙකු විරුද්ධ නොවන බව විශ්වාස යැයි ද සඳහන් කළේය.


ජාතික සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය සම්පත් ලබා ගැනීමේ දී මෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පාරිසරික හානියක් සිදුවන බවට ඇති චෝදනාවට ද මෙම ප්‍රතිපත්තිය පිළිතුරක් වන බවත් පරිසර පද්ධතීන්ට හානි නොවන අයුරින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, ඒ සඳහා අවශ්‍ය ස්වාභාවික සම්පත් ලබා ගැනීමේ දී දැනට තිබෙන සීමිත සම්පත් කළමණාකරණය කර ගනිමින් අනාගතයටත් අවශ්‍ය පරිදි සැළසුම් කිරීමත් මෙයින් සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

lankacnews

No comments

Ads Place