Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වරායේ ආහාර බහාලුම් සියල්ල නිදහස් කරනවා

  වරායේ ගබඩා තුළ බහාලූම්වල දැනට රඳවා තිබෙන සියලූම ආහාර තොග නිදහස් කිරීමට පියවර ගන්නා බව මුදල් ඇමැතිවරයා සඳහන් කළ බව පරිසර ඇමැති මහින්ද අමරවී...

 


වරායේ ගබඩා තුළ බහාලූම්වල දැනට රඳවා තිබෙන සියලූම ආහාර තොග නිදහස් කිරීමට පියවර ගන්නා බව මුදල් ඇමැතිවරයා සඳහන් කළ බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමග මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කළ සාකච්ඡුාවක දී මේ බව සඳහන් කළේ යැයි ඇමැතිවරයා කීවේය. මාධ්‍යවේදීන් ඊයේ (19* කළ විමසීම් හමුවේදී ඇමැතිවරයා මේ බව කීවේය.


එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.


ආහාර හිඟයක් රට තුළ ඇතිවන්නට කිසිසේත්ම රජය ඉඩ තබන්නේ නැහැ. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළයෑම නිසා ඇතැම් වෙළෙන්දන් තමන් සතුව පවතින තොග වෙළෙඳපොළට නිකුත් කිරීම සීමා කර තිබෙනවා. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම් නිසා ඇතිවන තත්ත්වයන් පාලනය කළ නොහැකියි. සීනි, ගෑස්, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් සම්බන්ධයෙන් මෙම තත්ත්වය පවතිනවා. එසේ වුවත් අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් මෙම ගැටලූ සම්බන්ධව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සමග සාකච්ඡුා කළා. එහිදී එතුමා අපිට ප‍්‍රකාශ කළා දැනට අපේ වරායේ ආහාර තොග සහිත බහාලූම් විශාල ප‍්‍රමාණයක් ගබඩා තුළ තිබෙන බැවින් ඒවායේ අඩංගු ආහාර ද්‍රව්‍ය තොග වහාම වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව. එමෙන්ම ලෝක වෙළෙඳපොළේ සීනි හා කිරිපිටි මිල ඉහළ ගොස් තිබෙනවා. රජය කිරිපිටි නිසා ලද විශාල ආදායම අහිමි කරගනිමින් එම සහනය මහජනතාවට ලබා දීමට පියවර ගත්තා. ඒ අනුව කිරිපිටි මත පනවා තිබු විශාල බද්ද අඩු කරනු ලැබුවා. නමුත් එම කිරිපිටි ගෙන්වන සමාගම් තවමත් ඔවුන්ට පාඩු සිදුවෙන බව පවසනවා. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා අපි සමග පැවැති සාකච්ඡුාවේදී ප‍්‍රකාශ කළා ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය භාණ්ඩාගාරය මගින් ලබා දීමට පියවර ගන්නා බව. එම නිසා බොහෝ විට ලබන සතිය වන විට ඇතැම් ආහාර ද්‍රව්‍යවල මෙන්ම ගෑස් සම්බන්ධ ප‍්‍රශ්නය ද අවසන් වන බව අපිට විශ්වාසයි. මේ වන විට ගෑස් සහිත නැව් අප රටට ළඟාවෙමින් තිබෙන බව එම සාකච්ඡුාවේදී අවධාරණය වුණා. රජය වශයෙන් අපිට ගැටලූ සහගත තත්ත්වයන් මැද වුණත් ජනතාවට අවශ්‍ය දේවල් හිඟයකින් තොරව ලබා දෙන්නට පියවර ගන්නවා යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

devaina

No comments

Ads Place