Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජයේ රස පරීක්‍ෂක නිලධාරීන් රිෂාඩ්ගේ නිවසට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා අ...


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.


බගවන්තලාව, බොගවාන වතු යායේ වතු කම්කරුවන් පිරිසක්, ගාල්ලේ කාන්තා සංවිධානයක් මෙන්ම නාවලපිටියේ වතු කම්කරුවන් පිරිසක් එලෙස විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.


මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට උපරිම දඩුවම් ලබාදෙන ලෙස විරෝධතාකරුවන් මෙහිදී ඉල්ලීමක් කළා.


මේ අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවස රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද පරීක්‍ෂාවකට ලක් කළා. එහි නිලධාරීන් පැයකට ආසන්න කාලයක් එම නිවස පරීක්‍ෂාවට ලක්කර තිබෙනවා. ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ද බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ අද දිනයේ ද ප්‍රකාශ සටහන් කර ගත්තා.  


රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිදගේ සොහොයුරා විසින් මන්ත්‍රී නිල නිවසේදී තවත් 29 හැවිරිදි මෙහෙකාර තරුණියක් ලිංගික හිංසනයට ලක් කර ඇති බව විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා. එම තරුණිය මන්ත්‍රිවරයාගේ නිවසේ 2009  සහ 2010 යන කාලසීමාවේදී සේවය කළ අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.


ආන්දෝලනයට තුඩු දුන් මෙම සිද්ධිය පිළිබද අමාත්‍ය මහින්ද අමරවීර ද අදහස් පළ කළා. ඔහු කියාසිටියේ චෝදනාවට ලක්ව සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිදගේ සොහොයුරා මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු බවයි.

nethnews

No comments

Ads Place