Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළුබෝවිල රෝහලේ යැයි ව්‍යාජ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකසන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද පුද්ගලයෙකු පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස...


ව්‍යාජ ලෙස සකසන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද පුද්ගලයෙකු පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.


කොවිඩ් රෝගය නිසා කළුබෝවිල රෝහලේ වාට්ටුවල මියයන පුද්ගලයින්ගේ සිරුරු තැනින් තැන දමා තිබෙන බව සඳහන් කරමින් විදේශ රටක ඡායාරූප යොදා ගනිමින් ව්‍යාජ ඡායාරූප සකස් කර සැකකරු විසින් ඒවා සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.


ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපමත මුදා හැර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.  

nethnews

No comments

Ads Place