Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිතයින්ට ලබාදිය යුතු, ලංකාවට අහිමිවූ ඖෂධයට, මෙරට වෛද්‍ය පර්යේෂකයින්ගෙනුත් නිර්දේශ

කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ රටවල අනුමැතිය හිමි වූ “රෙගන් කෝව් ටු” නමැති ඖෂධය සම්බන්ධයෙන් මෙරට වෛද්‍ය පරීක්ෂකයින්ද සිය නිර්දේශ ඉද...


කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ රටවල අනුමැතිය හිමි වූ “රෙගන් කෝව් ටු” නමැති ඖෂධය සම්බන්ධයෙන් මෙරට වෛද්‍ය පරීක්ෂකයින්ද සිය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. 


මෙරට කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ශල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර ද ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත්තේ මෙම ඖෂධය මගින් කොරෝනා මරණ අඩු කරගත හැකි බවයි. 


විශේෂයෙන්ම දැඩි අවදානමක් සහිත කොරෝනා ආසාදිතයින්ගේ ජීවිත බේරා ගැනීමට එම ඖෂධය ඉවහල් වනු ඇති බවටයි ඔහු නිර්දේශ කර ඇත්තේ.

 

එම ඖෂධය ලබාගන්නා පුද්ගලයින්ගෙන් සෙසු පුද්ගලයින්ට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම වන බවද වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.

 

“රෙගන් කෝව් ටු” නමැති ඖෂධය හරහා කොරෝනා මරණ මෙන්ම ආසාදිතයින් වාර්තා වීම ද අඩුකරගත හැකි බවයි ඔහුගේ අදහස වන්නේ.


ලෝකයේ රටවල අනුමැතිය හිමි වූ මෙම ඖෂධය මෙරටට ගෙන්වීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇත්තේ දේශපාලන බලපෑම් හේතුවෙන් බවටයි වාර්තා වන්නේ. 


මෙම ඖෂධය මෙරටට රැගෙන ඒම සඳහා පෞද්ගලික සමාගමක් මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකට අනුව ඊට අනුමැතිය ලැබී ඇති බවටද වාර්තා පළ වුණා. 


කෙසේවෙතත් එම අනුමැතිය හදිසියේ අවලංගු කර ඇත්තේ දේශපාලන බලපෑමක් මත බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 


සෞඛ්‍ය බලධාරීන් පවා අනුමත කර තිබියදී එම අනුමැතිය හදිසියේ අවලංගු වූයේ කෙසේදැයි නෙත් නිවුස් මෙරට සෞඛ්‍ය අංශවලින් ද විමසීමක් කළා. ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම ඖෂධයේ අධික මිල හේතුවෙන් එය මෙරටට ගෙන්වීම නතර කළ බවයි.


ඒ අනුව එම ඖෂධයක මිල කොපමණදැයි නෙත් නිවුස් සොයා බැලුවා. අදාළ ඖෂධ ගෙන්වීමට මීට පෙර අනුමැතිය හිමිව තිබූ මෙරට සමාගමෙන් කළ විමසීමකදී එහි හිමිකරු පැවසුවේ එක් ඖෂධ මාත්‍රාවක් රුපියල් එක් ලක්ෂ 27,000 ක් පමණ වන බවයි. 


“රෙගන් කෝව් ටු ” නමැති මෙම ඖෂධය සම්බන්ධයෙන් ලෝකයේ පළමු වරට කතාබහක් මතු වුණේ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය අසාදානය වූ අවස්ථාවේදී එය ලබාදීමත් සමගයි.

nethnews

No comments

Ads Place