Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා හේතුවෙන් වැඩිම බලපෑම ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට – අධ්‍යාපන ලේකම්

  කොරෝනා හේතුවෙන් අධ්‍යාපනයේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණිවල දරුවන්ට බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙර...

 


කොරෝනා හේතුවෙන් අධ්‍යාපනයේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණිවල දරුවන්ට බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.


කොරෝනා තත්ත්වය හමුවේ පාසල් පද්ධතියටම බලපෑමක් එල්ලවී ඇතත් ඉන් වැඩිම බලපෑම එල්ලවී ඇති පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණිවල දරුවන් බොහෝදුරට මූලික අධ්‍යාපන කටයුතු පාසල තුළින්ම සිදුකර ගන්නා බවත් එම දරුවන්ට එවැනි අවස්ථා මගහැරී ඉහළ ශ්‍රේණිවලට යෑමට සිදුවීම ගැටලූවක් බවත් ඒ මහතා කීය.


පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණිවල දරුවන් සඳහා උපකාරක ගුරුවරුන් ද ඉගැන්වීම් වල නිරත වන්නේ අඩුවෙන් බවත් එම දරුවන් මූලික අකුරු පාසල තුළින්ම ඉගෙන ගැනීම සිදුකරන බවත් හෙතෙම පැවසීය.


අනෙකුත් දරුවන් සඳහා උපකාරක ගුරුවරුන් ඔන්ලයින් මගින් හෝ ඉගැන්වීම් කටයුතු යම් මට්ටමකින් සිදුකෙරෙන නමුත් පහළ ශ්‍රේණි තුනේ දරුවන්ට එම අවස්ථාව අවම වී දෙමාපියන්ට එම වගකීම පැවරී ඇතැයිද ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

devaina

No comments

Ads Place