Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කඩ වැසීම ගැන යුදහමුදාපති කතා කරයි

 සමහර නගරවල වෙළෙඳසල් ස්වෙච්ඡාවෙන් වැසුවත් ජනතාව වෙනත් ගම්වල වෙළෙඳසල්වලට ගොස් බඩුමුට්ටු ගන්නේ නම් එම වැඩපිළිවෙළ ප්‍රායෝගික නොවනු ඇතැයි කොවිඩ්...


 සමහර නගරවල වෙළෙඳසල් ස්වෙච්ඡාවෙන් වැසුවත් ජනතාව වෙනත් ගම්වල වෙළෙඳසල්වලට ගොස් බඩුමුට්ටු ගන්නේ නම් එම වැඩපිළිවෙළ ප්‍රායෝගික නොවනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.


වෙළෙඳසල් හිමියන් වෙළෙඳසල් වසමින්  මෙලෙස කටයුතු කිරීම ගැන ඔවුනට ප්‍රශංසාව පුද කරන බවත් මෙම වැඩපිළිවෙල  සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට ක්‍රියාත්මක විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.


බොහෝ ප්‍රදේශවල කුඩා කුඩා ව්‍යාපාර  කරමින් ජීවත්වන  පිරිස් ගැනද මේ අවස්ථාවේදී  කල්පනා කළ යුතු බව  යුද හමුදාපතිවරයා පැවසුවේය.


තම තමන් ආරක්ෂා වීම, තම තමන්ගේ ගම බලාගෙන  වැනි ක්‍රියාමාර්ගවලට යොමුවීම  ඉතා වැදගත් බව පැවසූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රටේ ජනතාව තුළ එවැනි චින්තනයක් ඇති වීම සුබවාදී තත්වයක් බවද ප්‍රකාශ කළේය.


ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ඇතැයි  තමා බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් කීවේය.

lankadeepa

No comments

Ads Place