Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘ඉන්දියාවේ මෙන් දරසෑ ද, සමූහ මිනී වලවල්ද, ටයර් සෑයවල්ද යොදා ගැනීමට වනු ඇති..’- නගරාධිපති අනාගත වාක්‍යයක් කියයි..

  ‘ලංකා සී නිවුස්’ වෙබ් අඩවියේ පළ වූ පුවතක් සම්බන්ධයෙන් පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැහැදිලි කිරීමක් කරමින් තම සමාජ ජාලා ගිණුමේ සටහන...


 ‘ලංකා සී නිවුස්’ වෙබ් අඩවියේ පළ වූ පුවතක් සම්බන්ධයෙන් පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැහැදිලි කිරීමක් කරමින් තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබා තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

******

ලංකා C නිවුස් හී පලකර ඇති මේ ප්‍රවෘතිය , එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍ය මිතුරෙකු මා වෙත , බොහෝකලකට පසුව දුරකථන ඇමතුමක් දුන් විට පෞද්ගළිකව මා ඔහුට කී කතාවකි.

සැබැවින්ම මා ඔහුට කීවේ කෝවිඩ් තත්වය වර්ධනය වෙමින් යන වේගය සහ මරණ ගණන වැඩිවෙමින් පවතින වේගය අනුව ඉදිරියේදී ආදාහනාගාරවල ධාරිතාවය ප්‍රමාණවත් විය නොහැකි නිසා ඉන්දියාවේ සහ තවත් සමහර රටවල මෙන් දරසෑ ද යොදාගැනීමට සිදුවිය හැකි බව සහ තවදුර තත්වය වර්ධනය වුවහොත් සමූහ මිණීවලවල් සහ ටයර්ද යොදාගැනීමට සිදුවිය හැකි බවයි.

පානදුර නගර සභා ආදාහනාගාරයට එන මරණ සංඛ්‍යාව දැනටමත් ඔරොත්තු නොදෙන අතර භූමදානය කිරීම සඳහාද ප්‍රමාණවත් ඉඩක් නැති බව වැඩිදුරටත් ඔහුගේ විමසීම් අනුව කීවෙමි.

පානදුර MOH මගින් සතියකට දින තුනක් පළමු පෙළ ආශ්‍රිතයන් උපයෝගීකොට ගණිමින් කරමින් සිටින RAT පරීක්ෂා වලට අනුව ඉන් 40% ක් පමණ ආසාධිතව ඇතිබව හෙළිදරව්වී ඇති අතර , අහඹු තෝරාගැනීම් මගින් පරීක්ෂා කලහොත් එය ඊට වඩා ඉහළ යා හැකි බව ද ඊයේ මා කල විමසීමකදී MOH කාර්‍යාලයේ ප්‍රකාශකයකු විසින් තහවුරු කරණ ලදී.

මේ තත්වයන් තවදුරටත් අරාජිකව සහ අපාලිතව වර්ධනය වෙමින් පවතින නිසා පෙර මා සඳහන් කල තත්වයන් ඇතිනොවිය හැකියැයි කිසිවකුට හෝ තහවුරු කලනොහැකි බව මා නැවත කීමට කැමැත්තෙමි.

එමෙන්ම එය මේ මොහොතේ තත්වය නොවන බවත් , එය මගේ අත්දැකීම්වලට දැනෙන පරිදි කියන ලද අනාගත වාක්‍යයක් වන බවත් කීමටද කැමැත්තෙමි.

මේ ප්‍රකාශයෙන් කලබල වී ඇති නිලධාරී සහ දේශපාලක මහත්වරු කල යුතුව ඇත්තේ මගේ ප්‍රකාෂයේ ගුණ දොස් විශ්ලේෂණය කිරීම පසෙක තබා අප ඉදිරියේ එන මේ බියකරු අභියෝගයට මුහුණදීම සඳහා විසඳුම් සෙවීම බව ද ඉතා දැඩිව අවධාරණය කිරීමට කැමැත්තෙමි..!!!

සියළු සත්වයෝ
නිදුක් වෙත්වා .!
නීරෝගී වෙත්වා .!!
සුවපත් වෙත්වා ..!!!
දුකින් මිදෙත්වා..!!!!

lankacnews

No comments

Ads Place