Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිෂාඩ්ගේ බිරියට දෙන්න ගෙනා මත්පෙති තහනම් කරයි!

  රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ බිරිය වන වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටින කිදර් මොහොමඩ් සියාබ්දීන් අයිෂා නමැති සැකකාර කාන්තාවට ලබා...

 


රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ බිරිය වන වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටින කිදර් මොහොමඩ් සියාබ්දීන් අයිෂා නමැති සැකකාර කාන්තාවට ලබාදීම සඳහා පිටස්තර පුද්ගලයකු වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ (26දා) ගෙන ගොස් තිබෙන ඔෟෂධ වර්ග කිහිපයක් අතර තිබූ මත්ද්‍රව්‍ය වෙනුවට භාවිතයට ගන්නා පෙති 20 බැගින් අඩංගු ඔෟෂධ පැකට් දෙකක් සැකකාර කාන්තාවට ලබානොදෙන ලෙසට වැලිකඩ බන්ධනාගාර වෛද්‍යවරයකු එම බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දී තිබේ.


මෙම පැකට් දෙකේ අඩංගු එම ඔෟෂධ පෙති ඇයට ලබාදෙන ලෙසට බන්ධනාගාර රෝහල මඟින් නිර්දේශ කර නොතිබීම හා එම ඔෟෂධ මත්ද්‍රව්‍ය වශයෙන් භාවිතයට ගැනීමට රැඳවූවන් පෙලඹී සිටීම හේතුකොට ගෙන එම ඔෟෂධ දෙක හැර සෙසු ඔෟෂධ ඇයට ලබාදෙන ලෙසද එම රෝහල් වෛද්‍යවරයා බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දී ඇත.


බන්ධනාගාරගත වූවන්ට අවශ්‍ය බෙහෙත් වර්ග බන්ධනාගාර රෝහල තුළ තිබියදී බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ නොමැතිව පිටස්තර පුද්ගලයකු මඟින් බන්ධනාගාරය තුළට මෙවැනි ඔෟෂධ ගෙන්වා ගැනීමට එම සැකකාර කාන්තාව ක්‍රියාකර තිබීම ගැටලු සහගත තත්ත්වයක් බවද එම රෝහල් වෛද්‍යවරයකු පැවැසීය.


පිටස්තර පුද්ගලයකු විසින් ගෙනෙන ලද එම බෙහෙත් වර්ග වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ලැබීමෙන් අනතුරුව ඔහු එම බෙහෙත් රෝහල වෙත එවීමෙන් පසුව සිදුකළ පරික්ෂාවකදී ඉහත සඳහන් කළ බෙහෙත් වර්ග දෙක හ¾දුනාගත් බවද එම රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

noizetv

No comments

Ads Place