Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇදරි නීතිය පනවන්නැයි ශ‍්‍රීලනිපය ඉල්ලයි..

  ඉහළ යන කොරෝනා ආසාදිතයන් සහ මරණ පාලනය කරගැනීම සඳහා යම් කාලයකට රට වැසිම හෝ ඇදිරි නීතිය පැනවීම සිදු කළහොත් හැකියාවක් ලැබෙනු ඇතැයි ශ‍්‍රී ලංකා...

 


ඉහළ යන කොරෝනා ආසාදිතයන් සහ මරණ පාලනය කරගැනීම සඳහා යම් කාලයකට රට වැසිම හෝ ඇදිරි නීතිය පැනවීම සිදු කළහොත් හැකියාවක් ලැබෙනු ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

නිසා එ් ගැන සාධනීය ලෙස කල්පනා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසිය.

විශේෂඥ වෛද්‍යවරුන් විද්වතුන් මෙන්ම දේශපාලන පක්ෂ නායකයන් ගේ ද ඉල්ලීම වී ඇත්තේ සති දෙක තුනකට රට වසා දැමීම නිසා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත නිසි තීරණය කිරීම සුදුසු යැයි ද මහ ලේකම්වරයා කීය.

නමුත් රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව එය අසීරු කරුණක් බව තමන් පිළිගන්නා බවද ජයසේකර මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් රට වසා දැමීම හෝ ඇඳිරි නීතිය පැනවීම ආදී ක්‍රියාමාර්ග ගත යුත්තේ දේශපාලකයන් විසින් නොව සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස අනුව යැයි ද පැවසූ ඔහු පවතින අවස්ථාවේ සර්වපාක්ෂික හමුවක් කැදවීම සුදුසු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති වරයා ඉල්ලා ඇතැයි ද සඳහන් කළේය.

lankacnews

No comments

Ads Place