Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආසාදිතයින් ගෙන් පෞද්ගලික රෝහල් සිදුකරනු ලබන ආසාධාරණය ක්‍රියාවක් හෙළිවෙයි

කොරෝනා වෛරසයෙන් පීඩා විදින රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් මේ දිනවල මුහුණපා ඇති තවත් ගැටළුවක් පිළිබද නෙත් නිවුස් වෙත තොරතුරු අනාවරණ වුණා. ඒ...


කොරෝනා වෛරසයෙන් පීඩා විදින රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් මේ දිනවල මුහුණපා ඇති තවත් ගැටළුවක් පිළිබද නෙත් නිවුස් වෙත තොරතුරු අනාවරණ වුණා. ඒ, පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබන ඇතැම් රෝගීන්ට ලබාදීම සදහා මිල අධික ඇතැම් ඖෂධ අදාළ රෝහල්වලින් නියම කර ඒවා බාහිරින් රැගෙන එන ලෙසට පවුලේ ඥාතීන්ට දැනුම්දීමත් සමගයි.


නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ ටොසිලි සුමාබ් ලෙසින් හැදින්වෙන එවැනි එන්නත් වෙළදපොල තුළ අධික මිලට අළෙවි වන බවයි. එමෙන්ම මෙම එන්නත් සම්බන්ධයෙන් කළු කඩ වෙළදපොලක් නිර්මාණය වී ඇති බවත් එවැනි එන්නත් හිඟයක් පවතින බවත් නෙත් නිවුස් වෙත වාර්තා වුණා.


ටොසිලි සුමාබ් ලෙසින් හැදින්වෙන මෙම එන්නත සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති තත්ත්වය පිළිබද වීඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.


මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ එන්නත් මධ්‍යස්ථානය සිදුවූ අක්‍රමිකතාවක් පිළිබද නෙත් නිවුස් අද දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් බලධාරීන් කඩිනම් පියවර ගෙන තිබෙනවා. 


ඒ අනුව වයස අවුරුදු 18 ට අඩු පිරිසකට සහ වෙනත් ප්‍රදේශවලින් පැමිණි පිරිසකට ෆයිසර් එන්නත ලබාදුන් වෛද්‍යවරයෙකු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක් ද ස්ථාන මාරු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.


nethnews

No comments

Ads Place