Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආරවුලක් දුරදිග ගොස් පියාට, දියණියට පහරදෙයි.. පියා මරුට… දියණියට බරපතලයි…

  යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමට අයත් සිත්තංකේනි ප්‍රදේශයේදී ඇති වූ පහරදීගැනීමකදි එක්අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇ...

 


යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමට අයත් සිත්තංකේනි ප්‍රදේශයේදී ඇති වූ පහරදීගැනීමකදි එක්අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට පොලීසිය පවසයි.

සිත්තංකේනි ප්‍රදේශයේ පිහිටි ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් පසුව පහරදී ගැනීමක් දක්වා දුරදිගයාමෙන් පසුව එක් පාර්ශවයක් විසින් තියුණු ආයුධ වලින් සිදුකරන ලද පහදීමකින් එකම පවුලේ එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇත.

එහිදී මිය ගොස් ඇත්තේ පියා වූ අවුරුදු 49 ක් වයසැති රාසනායගම් රෙජියානන්න් නැමත්තෙකු වන අතර බරපතල තත්වයෙන් සංගානෙයි රෝහලට ඇතුලත් කොට ඇත්තේ මිය ගිය අයගේ දියණිය බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

මේ අතර අදාල පහරදීම සිදුකරන ලද පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වඩුක්කොඩ්ඩෙයි පොලීසිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

lankacnews

No comments

Ads Place